මව්බිම ‘හීන්සැරේ’ට පොලූතියයි

මව්බිම පුවත්පත් ආයතනයේ ප‍්‍රචාරක කටයුතු සිදුකළ ආයතන කිහිපයකට පාර්ලිමේන්තු මන්ත‍්‍රී ටිරාන් අලස් මහතා පොලූතබා ඇතැයි එහි අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ. ඒ අනුව දිලීප අබේසේකර මහතාගේ ‘හීන්සැරය’ ප‍්‍රචාරක ආයතනයට ගෙවීමට ඇති රුපියල් ලක්ෂ 22ක මුදලක්ද චමින්ද රණවක මහතාගේ ‘එක්ස්ටේන් ස්ටුඩියෝ’ ආයතනයට ගෙවිය යුතු ලක්ෂ 12ක හිඟ මුදලක්ද ගෙවීම් පැහැරහරමින් තිබේ.

‘මව්බිම’ පුවත්පත් ප‍්‍රචාරක කටයුතු සඳහා ටිරාන් අලස් මහතාට දිලීප අබේසේකර මහතා හදුන්වා දෙනු ලැබුවේ ‘සිරස’ මාධ්‍ය ජාලයේ හිමිකරු කිලී මහරාජාය.

රනිල් වික‍්‍රමසිංහ මහතා එජාප නායකත්වයෙන් ඉවත්කොට තමන්ගේ ඉත්තෙකු එම පක්‍ෂයේ නායකත්වයට පත්කරගැනීම සඳහා කිලී මහරාජා විසින් ආරම්භ කර තිබෙන මාධ්‍ය මෙහෙයුමට අලූතින්ම එක්වී ඇති පුද්ගලයා ටිරාන් අලස් මහතාය. ඔවුන් දෙදෙනාගේ ඉගැනුම්බස්වලට අවනතව කරූ ජයසූරිය මහතා මේ වනවිට දේශපාලනික වශයෙන් නන්නත්තාරවී සිටී.

කිලී මහරාජා, ටිරාන් අලස් මහතාව දිගුකලක් සමීපව ඇසුරු කර නොමැති වුවද කිලී මහරාජා සහ ටිරාන් අසල් මහතාගේ සොයුරු හර්ෂ අලස් මහතා බොහෝ කලක් තිස්සේ සමීප හිතවත්කම් පවත්වයි.

අලස් පවුල ආර්ථික වශයෙන් දුෂ්කරතාවයන්ට මුහුණදී සිටි සමයේ, උසස් පෙළ අසමත්ව සිටි හර්ෂ අලස්ව විදෙස් රටක පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයකට යවා වෛද්‍ය උපාධි සහතිකයක් ලබාදීමට වියපැහැදම් සිදුකර ඇත්තේ කිලී මහරාජා විසිනි. එහෙත් හර්ෂ අලස් මහතා කිසිවිටෙක වෛද්‍ය සේවයේ නිරතවී නැති අතර මේ වනවිට ‘ගේට්වේ’ පෞද්ගලික අධ්‍යාපන ආයතනය පවත්වාගෙන යනු ලබයි.

හර්ෂ අලස් මහතා සමග පවතින සමීප හිතවත්කම තුලින් ටිරාන් අලස් මහතාව තම දේශපාලන ව්‍යාපෘතියට එක්කර ගන්නා කිලී මහරාජා මහතා මේ වනවිට ටිරාන් අලස් මහතාගේ ‘ඉසුර’ ගුවන් විදුලියද ඔහු යටතේ පවත්වාගෙන යනු ලබයි.

Posted by Ravaya on 3:18 AM. Filed under . You can follow any responses to this entry through the RSS 2.0. You can leave a response or trackback to this entry

0 comments for "මව්බිම ‘හීන්සැරේ’ට පොලූතියයි"

Leave a reply