එයාටෙල් මුල්පුටුව සුරේන් ගුණවර්ධනට
ශ්‍රී ලංකාවේ භාරතීය එයාටෙල් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස සුරේන් ගුණවර්ධන මහතා පත්කරනු ලැබ තිබේ.ඩයලොග් හා ලංකා බෙල් සමාගම් හි කලින් සේවය කර ඇති සුරේන් මහතා දුරකථන ක්ෂේත්රයේ මූල්‍ය, අලෙවි හා මෙහෙයුම් අංශයන්හි 16 වසරක අත්දැකීම් සහිත බව සදහන්ය.
2009 ජනවාරියේ ශ්‍රී ලංකාවේ මෙහෙයුම් ආරම්භ කළ එයාටෙල් සමාගම ලක්ෂ 10 ක පමණ පාරිභෝගික සංඛ්‍යාවක් වේගයෙන්ම අත්පත්කරගත් සමාගම බවට පත්විය. කෙසේ වුවද මෑත කාලයේ එයාටෙල් සමාගමේ ප්‍රධාන තනතුරු කිහිපයක්ම හිස් වීමෙන් සමාගම දැඩි අපහසුතාවකට මුහුණපා සිටියේය.
0 comments for "එයාටෙල් මුල්පුටුව සුරේන් ගුණවර්ධනට"