කොඩැක් සමාගම බංකොළොත් භාවය අබියස

අතේ ගෙනයාහැක කැමරාව ලොවට හදුන්වාදුන් ඊස්ට්මන් කොඩැක් (Eastman Kodak) සමාගම බංකොළො‍ත් වීමෙන් ආරක්ෂා ‍වීමේ අයදුම් පතක් ඇමරිකා ආණ්ඩුවට ඉදිරිපත් කර තිබේ. මේ අනුව ණය කරුවන්ගේ බලපෑමෙන් මිදී තවත් කෙටිකාලයක් සමාගම පවත්වාගෙන යාමට ඉඩකඩ විවිරවී ඇත.


වසර 133 ක් පැරණි කොඩැක් සමාගම ඩිජිටල් යුගයට කල්ඇතිව පිවිසුනු තරග කරුවන් මැද නොනැසී පැවතීමට දැඩි වෙහෙසක් ගනිමින් සිටියේය. පසුගිය කාලයේ එය කැමරා නිෂ්පාදනයෙන් ඉවත්වී මුද්‍රණ යන්ත්‍ර නිෂ්පාදනයට පිවිස තිබිණි. කොඩැක් සමාගම ඩිජිටල් ඡායාරූප කරණයේ ආරම්භකයෙකුව සිටියද වෙළදපල වර්ධනයත් සමග තරග වැදීමට අසමත්වූ අතර ලාභදායී ආසියානු නිෂ්පාදන වෙළදපලට පැමිණීමත් සමග එහි වෙළදපල හැකිලීමට ලක්විය.

සමාගම ප්‍රකාශ කරන්නේ Citi group බැංකුවෙන් ඩොලර් මිලියන 950ක ණයක් ලබාගෙන සමාගම ප්‍රතිව්‍යුහගත කරමින් ඉදිරියට යාමට උත්සාහ දරන බවය.

Posted by Ravaya on 2:12 AM. Filed under . You can follow any responses to this entry through the RSS 2.0. You can leave a response or trackback to this entry

0 comments for "කොඩැක් සමාගම බංකොළොත් භාවය අබියස"

Leave a reply