ආසියාවේ අශ්චර්යයට දිනපතා සුදු වැන් වලින් එක් පුද්ගලයෙකු බිලි ගනී

තොටළඟ පර්ගියුසන් පාරේ එක්දරු පියකු වන දිනේෂ් බුද්ධික චරිතානන්ද (25) හිසට වෙඩි තබා මරා, සිරුරකැලණි ගෙඟ් තොටුපොළ අසල දමා ගොස් තිබියදී ඊයේ උදෑසන සොයාගත් බව ග‍්‍රෑන්ඞ්පාස් පොලිසිය කියයි.
අදාළ මළ සිරුර ඔහුගේ මව විසින් හඳුනාගෙන ඇති අතර, තම පුතා ඊයේ රාත්‍රී අංක තහඩු නැති සුදු පැහැති වාහනයකින්පැමිණි නාදුනන පිරිසක් විසින් පැහැරගෙන ගොස් ඇති බව ඇය පොලිසියට පවසා ඇත.

මේ අතර (02) රාත්‍රී සුදු වෑන් රථයකින් පැමිණි පිරිසක් පුත්තලම, සන්ගට්ටිකුලම් ප‍්‍රදේශයේ දී පුද්ගලයෙකු පැහැරගෙනගොස් මරා දමා තිබිණ.

මෙසේ මරාදමා ඇත්තේ පුත්තලම ප‍්‍රදේශයේ පදිංචි මොහොමඞ් නිස්තාර් නැමැත්තෙකි.

මියගිය අය ත‍්‍රිරෝද රියකින් ඉන්ධන පිරවුම්හලකට යමින් සිටියදී පහැර ගැනීමට ලක්ව ඇති අතර පසුව ඔහුගේ මළ සිරුරහමුවී තිබේ.
හිසට එල්ලවූ වෙඩි ප‍්‍රහාරයකින් මොහු මියගොස් ඇති බවද පැවසේ.

මියගිය අය පුත්තලම ප‍්‍රදේශයේ මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහිවූවන් පුනුරුත්ථාපනය කරනු ලබන මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගිය අයෙකි.

මෙම පැහැරගෙනයාම් සම්බන්ධයෙන් මෙතෙක් කිසිවෙකු අත්අඩංගුවට ගෙන නොමැතී අතර දිනපතා සිදුවන පැහැරගැනීම් නීතිගත කොට ඇත්ද යන්න ගැටලුවක්ව පවතී.

2012 වසර ආරම්භක දිනයේ සිට අතුරුදන් වුවන් මෙසේය

ජන. 01 - හේවගේ චන්දන රොහාන් ලිලන්ත දාබරේ - තලවතුගොඩ 
ජන. 02 - මොහොමඞ් නිස්තාර් - සංකුට්ටිකුලම - පුත්තලම
ජන. 03 - රාජ්ගෝපාල් - ත‍්‍රිකුනාමලය
ජන. 04- දිනේෂ් බුද්ධික චරිතානන්ද- තොටළඟ 

Posted by Ravaya on 11:47 PM. Filed under . You can follow any responses to this entry through the RSS 2.0. You can leave a response or trackback to this entry

0 comments for "ආසියාවේ අශ්චර්යයට දිනපතා සුදු වැන් වලින් එක් පුද්ගලයෙකු බිලි ගනී"

Leave a reply