මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභාවේ එ.ජ.නි.ස මන්ත්‍රී ඉන්දික දිනේෂ් චන්ද්‍රසිරි මහතාගේ මරණය පිටුපස සැගවුන අමුත්තා

මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රී ඉන්දික දිනේෂ් චන්ද්‍රසිරි මහතාගේමරණය සැක කටයුතු මරණයක් ලෙස සලකා විමර්ශන ආරම්භ කර ඇති බව පොලිසිය පවසා ඇත
යතුරු පැදියකින් ගමන් කරමින් සිටියදී කුරුණෑගල දියගමපල මාර්ගයේ මාඔස්සාව පාලමෙන් පහළට වැටී මියගොස් සිටි ඒමහතාගේ සිරුර ඊයේ සොයා ගනු ලැබිය.

එය හදිසි අනතුරක් ලෙස සැලකිය නොහැකි බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇතී බැවින්

මිනුවන්ගොඩ වැඩබලන මහේස්ත්‍රාත්වරයා විසින් මහේස්ත්‍රාත් පරීක්ෂණයක් සිදුකරතිබේ කර තිබේ.

පශ්චාත් මරණ පරීක්ෂණය කුලියාපිටිය අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා සිදුකොට ඇතී අතර මේ වන විට පොලිසිය වෙත වාර්තාව ලැබී ඇත .

මිනුවන්ගොඩ මඩවල පදිංචිව සිටි චන්ද්‍රසිරි මහතා 28 හැවිරිදි දෙදරු පියෙකි.

මන්ත්‍රීවරයා (28 දා) පෙරවරු 10.00 ට පමණ නිවසින් පිටව ගොස්‌ ඇත්තේ මිනුවන්ගොඩ නාලන්දා විදුහලට යන බව සිය බිරිඳට පවසමින් ය. එතැන් සිට මන්ත්‍රීවරයා පිළිබඳකිසිදු තොරතුරක්‌ නිවැසියන්ට ලැබී නොතිබිණි.

ඝාතනයට ලක්‌වූ ඉන්දික චන්ද්‍රසිරි මහතා කලක්‌ එක්‌සත් ජාතික පක්‍ෂයේ දේශපාලනඥයකු ලෙස කටයුතු කර ඇත. එහෙත් පසුගිය මැතිවරණ සමයේ පක්‍ෂ මාරු කළ ඒ මහතා එක්‌සත්ජනතා නිදහස්‌ සන්ධානයෙන් මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභාවට තරග කර ඉන් ජය ගත්තේය.

ඉන්දික චන්ද්‍රසිරි 2004 වර්ෂයේ සිදු වූ මිනීමැරුමක ප්‍රධාන සැකකරුවකු වන බව පොලිසිය පවසයි. 2004 වර්ෂයේ මිනුවන්ගොඩ ප්‍රදේශයේදී දම්මවතී පෙරේරා නමැති කාන්තාවක්‌ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මොහුට එරෙහිව චෝදනා එල්ල වී තිබිණි.

එම සිද්ධිය සම්බන්ධයෙන් ඉන්දික චන්ද්‍රසිරි ඇතුළු 5 දෙනකු එවකට අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කර තිබිණි. පසුව මොහු ඇප මත මුදා හරිනු ලැබ අතර මීගමුව අධිකරණයේ එමනඩුව විභාග වෙමින් තිබිණි.

දම්මවතී පෙරේරාගේ පුත්‍රයා සමඟ පැවැති ආරවුලක්‌ මත ඇය ඝාතනය කළ බවට ඉන්දික චන්ද්‍රසිරි වෙත චෝදනා එල්ල විය.

මේ අතර මිනුවන්ගොඩ ප්‍රදේශයේ ක්‍රියාත්මක වූ පාතාල කල්ලියක්‌ සමග ද මන්ත්‍රීවරයා ආරවුලක්‌ ඇති කර ගෙන සිටි බව පරීක්‍ෂණවලින් හෙළි වී තිබේ.එම පතල කල්ලිය මෙහෙයවනු ලබන්නේ ප්‍රදේශයේ නමගිය පාතාල පාර්ලීමෙන්තු මන්ත්‍රී සරණ ගුණවර්දන විසිනි සරණ ගුණවර්දන හට අනුග්‍රහය දක්වන්නේ බැසිල් රාජපක්ෂ වන අතර බැසිල් රාජපක්ෂට අවනත නොවන පුද්ගලයන් හට මරණිය තර්ජන නිතර සිදුවන බව නොරහසකී ප්‍රදේශයේ තෙල් පිරිපහදු ආරවුලක් සම්බන්දයෙන් සරණ ගුණවර්දන ගාතනය වූ මන්ත්‍රී වරයා සමග ජම්මාන්තර කෙන්තීයෙන් පසුවූ බවත් ප්‍රසීද්දීයේ මරණිය තර්ජන කොට ඇතී බවත් වාර්තාවේ තවද මෙම මරණය සිදුවූ දින රාත්‍රියේ සරණ ගුණවර්දන තම ආරක්ෂකයින් සමග බාහිර පුද්ගලයන් දෙදෙනෙකු ගුවන්තොටුපල වෙත ගෙන ගොස් ඇතී අතර මේ කිසිවක් පිළිබද පොලිසිය උත්සුක නොවීම මවිතයකට කරුණක් වී ඇත .

Posted by Ravaya on 11:43 PM. Filed under . You can follow any responses to this entry through the RSS 2.0. You can leave a response or trackback to this entry

0 comments for "මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභාවේ එ.ජ.නි.ස මන්ත්‍රී ඉන්දික දිනේෂ් චන්ද්‍රසිරි මහතාගේ මරණය පිටුපස සැගවුන අමුත්තා"

Leave a reply