ලෝකය මන්දගාමී වීමෙන් ලංකාවත් අනතුරේ: ලෝක බැංකුව
යුරෝපයේ ඇතිවී තිබෙන ආර්ථික අර්බුද හේතුවෙන් මෙරට අපනයන වලට තිබෙන ඉල්ලුම අඩුවීම හා විදේශ ශ්‍රමිකයින්ගේ ප්‍රේෂණ අඩුවීම යන කරුණු හේතුවෙන් ලංකාව බලාපොරොත්තු වන ආර්ථික වර්ධනය ළඟාකර ගැනීමට නොහැකිවිය හැකිබවට ලෝක බැංකුව අනතුරු හඟවයි.
මේ අනුව, ලංකාව වෙනුවෙන් ලෝක බැංකුව කරන ආර්ථික වර්ධන ඉලක්ක මහ බැංකුවේ ඉලක්ක වලට වඩා අඩුවෙන් සිදුකර තිබෙන අතර 2012 දී මෙරට ආර්ථිකය සියයට 6.8 කින් හා ලබන වසරේදී සියයට 7.7 කින් පමණ වර්ධනය වනු ඇතැයි පුරෝකතනය කර ඇත.
මේ මාසය මුලදී ශ්‍රී ලංකා මහ බැංකුව පැවසුවේ 2012 දී මෙරට ආර්ථික වර්ධනය සියයට 8.0 ක් පමණත් 2011 දී සියයට 8.3 ක් පමණත් වනු ඇති බවයි.
2012 දී ලංකාවේ ආර්ථික වර්ධනය සියයට 09 ක් පමණ වනු ඇති බවට එයට පෙර මහ බැංකුව පුරෝකතනය කර තිබුණත් පසුව එය වෙනස් කළේය.
ලෝක ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුව නිකුත් කර තිබෙන නවතම වාර්තාව මගින් දක්වා තිබෙන්නේ ලෝක ආර්ථික අවපාතය දකුණු ආසියානු රට වලටද බලපානු ඇති බවත් එම රටවල අපනයන වලට මෙම අර්බුදයෙන් පහරක් වැදීමට අවස්ථාව තිබෙන බවයි.
අපනයන වලට අමතරව, මෙම රටවලට ඇදී එන ශ්‍රමිකයින්ගේ ප්‍රේෂණ හා සංචාරකයින් ප්‍රමාණය අඩුවීමටද බටහිර ආර්ථික අර්බුදය හේතුවනු ඇතැයි ලෝක බැංකුව මෙම වාර්තාවෙන් පවසා ඇත.
රටවල් 27 කින් සැදුම්ලත් යුරෝපීය සංගමයට දකුණු ආසියාවෙන් සැලකිය යුතු අපනයන ප්‍රමාණයක් ඇදීයයි.

0 comments for "ලෝකය මන්දගාමී වීමෙන් ලංකාවත් අනතුරේ: ලෝක බැංකුව"