රිච් ලයිෆ් කිරි සමාගම රේණුකා ඇග‍්‍රි ෆුඞ්ස් අයිතියට
ශ‍්‍රී ලංකාවේ මධ්‍යම පරිමාණයේ කිරි නිෂ්පාදනය ආයතනයක් වන රිච් ලයිෆ් සමාගමේ සියයට 76ක කොටස් අයිතිය රේණුකා ඇග‍්‍රි ෆුඞ්ස් සමාගම විසින් හිමි කර ගනු ලැබ ඇත. මෙරට ප‍්‍රමුඛතම කෘෂි නිෂ්පාදක අපනයන සමාගමක් වන රේණුකා ඇග‍්‍රි ෆුඞ්ස් සමාගම මේ සඳහා අදාළ ගිවිසුම රිච් ලයිෆ් සමාගම සමග අත්සන් කළ බව වෙළෙද පොළ ආරංචි මාර්ග පවසයි. මේ වනවිට රේණුකා ඇග‍්‍රි ෆුඞ්ස් සමාගම රිච් ලයිෆ් සමාගමේ කළමනාකාරීත්වය භාරගෙන ඇති බවද පැවසේ.රිච් ලයිෆ් සමාගම ශ‍්‍රී ලංකාවේ කිරි එකතු කිරීමේ මධ්‍යස්ථාන ජාලයක් දිවයින පුරා පිහිටුවා ඇති අතර මෙමගින් එකතු කරන කිරි මගින් පැශ්චරීකෘත නැවුම් එළ කිරි සහ යෝගට් වැන් කිරි ආශ‍්‍රිත නිෂ්පාදන සිදු කරන සමාගමකි. මේ අතර රේණුකා සමාගම තේ, පොල්, කුලූ බඩු ඇතුලූ කෘෂි නිෂ්පාදන අපනයනය කරන සමාගමකි. දේශීය වෙලෙඳ පොලේ අඩු නියෝජනයක් පවතින මෙම ආයතනය තම කිරි නිෂ්පාදන හරහා මෙරට දේශිය වෙළෙඳ පොලට අවතීර්ණ වනු ඇතැයි ද ව්‍යාපාරික ප‍්‍රජාව පවසයි.













0 comments for "රිච් ලයිෆ් කිරි සමාගම රේණුකා ඇග‍්‍රි ෆුඞ්ස් අයිතියට"