බිපාෂාව මලපන්නපු ඇගේ උපන්දිනසාද වීඩියෝව
බොලිවුඞ් සිනමාවේ සුපිරි තරුවක්වන බිපාෂා බාසු මේ දිනවල මහත් කනස්සල්ලට මෙන්ම ආවේගයට පත්වී ඇත්තේ ඇයගේ උපන්දින සාදය පසුගියදා නිමාවීමත් සමගිනි. ඇයගේ උපන්දින සාදය පසුගිය දින ඇයගේ නිවසේ පැවැත්වූ අතර ඒ සඳහා සිය නෑදැ හිතමිතුරන් සුලූ පිරිසක් පමණක් සහභාගී වී සිටියේ ඇය මෙම උපන්දින සාදය පිළිබද වැඩි ප‍්‍රසිද්ධියක් ලබා නොදුන් නිසාවෙනි.
ඇය පවසන ආකාරයට අනුව මෙම උපන්දින සාදය ඇයගේ පුද්ගලික ජීවිතය හා සම්බන්ධවූ එකක් වන අතර කිසිදු ජනමාධ්‍ය ආයතනයකට ඒ සඳහා පැමිණීමට හෝ ප‍්‍රචාරය කිරීමට කිසිදු අවසරයක් ඇය නොදී ඇත. එහෙත් ඇයගේ උපන්දින සාදයේ ඇතැම් දර්ශන ඇයගෙන් කිසිදු අවසරයක් නොගෙන අන්තර්ජාලයේ ප‍්‍රදර්ශනය කර ඇති අතර එය ඇයට මහත් කනස්සල්ලක් ගෙන දෙන කරුණක් බවට පත්වි ඇත.
බිපාෂා තම 33 වන වියට පාතැබූ මොහොත මෙලෙස කෙතරම් ඇයට කනස්සල්ලට හේතුවී ඇතිද යත් ඇයගේ ‘ට්වීටර්’ පිටුවෙහි “I’m still in shock that my privacy has been invaded! These were private moments from my birthday that were leaked and I am very upset,” යනුවෙන් ඇය විසින් සිය අන්තර්ජාල මිතුරන් අතරේ පවසා ඇත.

0 comments for "බිපාෂාව මලපන්නපු ඇගේ උපන්දිනසාද වීඩියෝව"