එක්ස්‍පෝ එයාර් සමග පැයකින් යාපනයට

1997 ආරම්භ කරන ලද ශ්‍රී ලංකාවේ පුරෝගාමී දේශීය ගුවන් සේවා සමාගමක් වන එක්ස්‍පෝ එයාර් සිය කොළඹ-යාපනය ෙදෙනික ගුවන් සේවාවන් පසුගිය 25 දා නැවත ආරම්භ කරනු ලැබිය. එක්ස්‍පෝ එයාර් ගුවන් සේවය උතුරේ යුද්ධය පැවැති කාලය තුළත් සිය කටයුතු පවත්වාගෙන ගිය එකම ගුවන් සේවය ලෙස ප්‍රකටය.

නවීනතම ගුවන් යානයක් සහ නව ගුවන් යානා සැලසුමක් සහිතව එක්ස්‍පෝ එයාර් ගුවන් සේවය නැවත යාපනය බලා ගමන් අරඹා ඇත්තේ ව්‍යාපාර ප්‍රජාවට පැයකින් යාපනයට ළඟා වීමේ ‍පොරොන්දුවද සමගය. දිනකට දෙවරක් මෙම ගුවන් යානා ගමන් ගැනීමට නියමිතය. යාපනය සහ කොළඹ අතර දැරිය හැකි මිලකට වේගවත් ගමනක අවශ්‍යතාවය එක්ස්‍පෝ එයාර් වටහා ගෙන සිටී. එක් එක් අසුනට වෙන් වූ කියවීමේ විදුලි පහන්, වා කවුළු ගුවන් කාලය තුළ නිහඬ චිත්‍රපට නැරඹිය හැකි පහළට දිග හැරෙන රූපවාහිනී තිර සහ ලෙදර් ආවරණ සහිත ආසන 12 අලුත්ම Cessna Grand Caravan  ගුවන් යානය ආස්වාදජනක සුඛෝපභෝගී ගුවන් ගමනක් පිළිබඳව ‍පොරොන්දුවක් බවද සමාගම පවසයි.

2012 පෙබරවාරි 1 දා සිට දිනපතා දෙවරක් එක්ස්‍පෝ එයාර් ගුවන් යානා රත්මලානෙන් යාපනය බලා ගමන් අරඹයි. ඒ පෙ.ව. 7 ට සහ පස්වරු 4.15ට වශයෙනි. පෙ.ව. 8.45 ට සහ ප.ව. 4.45ට යාපනයේ සිට කොළඹ බලා එක්ස්‍පෝ එයාර් ගුවන් යානා පිටත් වේ. එක් ගුවන් ගමනක් සඳහා වැයවෙන කාලය ආසන්න වශයෙන් පැයකි. යාමට පමණක් ප්‍රවේශ පත්‍රයක් රු. 10,000ක් සහ යාමට සහ ඒමට ගුවන් ටිකට්පතක් රු. 19,100ක් වන්නේ එක් අයෙකුට කිලෝ 15ක ගමන් මල්ලක්ද ගෙන යාමට පහසුකම් සහිතවය. අතිරේක ගමන් මළු සඳහා කෙරෙන්නේ කිලෝවකට රු. 150ක් වන නිශ්චිත ගාස්තුවකි. පලාලි ගුවන් තොටු‍පො‍ලේ සිට යාපනය දක්වා ආරක්ෂාව සහ සුවපහසුව තහවුරු කරන විශේෂ බස් සේවාවක්ද එක්ස්‍පෝ එයාර් සමාගම විසින් දියත් කර ඇත.

Posted by Ravaya on 12:18 AM. Filed under . You can follow any responses to this entry through the RSS 2.0. You can leave a response or trackback to this entry

0 comments for "එක්ස්‍පෝ එයාර් සමග පැයකින් යාපනයට"

Leave a reply