රනින්ට වස්කවි කියූ ජෝතිරතන හිමි අපවත්වේ

පසුගිය කාලය පුරා එජාප නායක රනිල් වික‍්‍රමසිංහ මහතාට එරෙහිව රටපුරා වස්කවි කියමින් ප‍්‍රවෘත්ති සාකච්ඡා පැවැත්වූ කොටුගොඩ ජෝතිරතන හිමියන් අපවත්වී තිබේ.

පසුගිය දෙසැම්බර් 19 වන දා එක්සත් ජාතික පක්ෂ නිලවරණය පැවති මොහොතේ එම පක්‍ෂයේ මූලස්ථානය වන ‘සිරිකොත’ ඉදිරිපිට උද්ඝෝෂණය කළ හිමිවරුන් අතර පෙරමුනේ සිටි උන්වහන්සේ එම ස්ථානයේ සිටද එජාප නායකයාට එරෙහිව වස්කවි කියූහ.

එදින එජාප නායකයාට එරෙහිව වස්කවි කියා මාසයක් සැපිරෙන දිනම උන්වහන්සේ අපවත්වීම විශේෂය. උන්වහන්සේගේ අභාවය වෙනුවෙන් එජාප නායකත්වයට තරග කළ කරූ ජයසූරිය මහතා ශෝක පනිවිඩයක්ද නිකුත් කර තිබේ.

Posted by Ravaya on 7:15 PM. Filed under . You can follow any responses to this entry through the RSS 2.0. You can leave a response or trackback to this entry

0 comments for "රනින්ට වස්කවි කියූ ජෝතිරතන හිමි අපවත්වේ"

Leave a reply