කොළඹ ගිණුම් කමිටුව පැරදවීමට සජිත් හවුල්
කොළඹ මහනගරසභාවේ පාලන බලය හිමි එක්සත් ජාතික පක්ෂය ගිණුම් කාරකසභා ඡන්දයෙන් පරාජයට පත්කිරිම සඳහා එම පක්ෂයේ නියෝජ්‍ය නායක පේ‍්‍රමදාස මහතාද සහය දී ඇතැයි එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා ප්‍රකාශ කරයි.ගිනුම් කාරකසභා රහස් ඡුන්දය පරාජය පිළිබදව එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (19) පැවැති හදිසි රැස්වීමකදී ඔහු එම කාරණය සඳහන් කර ඇත. මෙම සාකච්ඡාවට නගරසභාවේ පුරපති එ.ජේ.එම්. මුසම්මිල් මහතාද සහභාගී වී තිබේ.
කොළඹ නගරසභාවේ ගිණුම් කාරකසභාවට සභිකයන් පස්දෙනෙකු තොරාගැනීම සඳහා පැවති රහස් ඡන්දයේදී සජිත් පේ‍්‍රමදාස මහතාට හිතවත් මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු විපක්ෂයට සහාය පළකර තිබේ. ඒ අනුව පුරපතිවරයා නිලබලයෙන් පත්වූ අතර රහස් ඡන්දයෙන් ජයගත්තේ නියෝජ්‍ය පුරපතිවරයා පමනි. අනෙක් නියෝජන 4ම විපක්ෂය නියෝජනය කරන එක්සත් ජනතා නිදහස් සන්ධානයට හිමිවිය.
එක්සත් ජාතික පක්ෂයේ බලය පවත්වාගෙන යෑම සඳහා රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ නගරසභාවේ බලය පිටුවහලක් කරගෙන ඇති බැවින්, එජාප නායකයාගේ බලය බිද දැමීමේ පළමු පියවරක් ලෙස කොළඹ නගර සභාවේ ඊයේ පැවති රහස් ඡුන්දය පේ‍්‍රමදාස කණ්ඩායම විසින් යොදාගෙන තිබේ.
පේ‍්‍රමදාස මහතා වෙනුවෙන් ඒ සඳහා මූලකත්වය ගෙන ක්‍රියාකර ඇත්තේ එජාප මන්ත්‍රීවරයෙකුවන ආරියරත්න සන්තියාගෝ මහතාය. එජාප නායකයා තෝරාගැනීමේ නිලවරණය පැවති දෙසැම්බර් 19 වනදා ‘සිරිකොත’ එජාප මූලස්ථානයට ගල්ගසා අලාභ හානි කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට පත්වූ මොහු දින දෙකක් රිමාන්ඞ් භාරයේද පසුවිය.
මීට අමතරව පේ‍්‍රමදාස මහතාගේ හිතවතුන් දෙදෙනකුවන ඒ.සී.එම්. බදුර්දීන් සහ විමලධර්ම යන මන්ත්‍රීවරුන්ද එජාපය පරාජය කිරීමේ රහසිගත කුමන්ත්රනයට දායක වී තිබේ.
පේ‍්‍රමදාස මහතාගේ උපදෙස් මත මොවුන් තිදෙනා පසුගිය දිනදෙකෙහි කිහිපවරක් විපක්ෂයේ මන්ත්‍රීවරුන්වන මහරූෆ් මහතා සමගද රහසිගත සාකච්ඡා පවත්වා තිබේ. මෙම සාකච්ඡා සඳහා විපක්ෂයේ මන්ත්‍රිවරුන් වන මන්සිල්, රෝයි බෝගහවත්ත, අජන්ත ලියනගේ හා රිසාසරුක් යන අයද සහභාගී වී තිබේ.
එසේ රහසිගත කුමන්ත්රනයක් කොට නගරසභාවේ ගිණුම් කාරකසභාවට තේරීපත්වූ රෝයි බෝගහවත්ත මහතා මීට ඉහතදීද නගරසභාවේ වංචා දූෂණ ගණනාවකට චෝදනා ලැබූ අයෙකි.
0 comments for "කොළඹ ගිණුම් කමිටුව පැරදවීමට සජිත් හවුල්"