වාසුදේව, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ට විරුද්ධව නඩු දාන්න බැරිව හිරවෙලා ????

ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා සෑම විටම යොදන්නේ සිංහලෙන් නම යෙදූනාම පුවරු පමණක් බවත් එය විශාල ගැටලූවක් බවත් ජාතික භාෂා සහ සමාජ ඒකාබද්ධතා අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසයි. ‘අද’ පුවත්පත සමග කරන ලද සම්මුඛ සාකච්ඡාවකදී ඔහු මේ බව අනාවරණය කළේය. හරියට නම් ඊට විරුද්ධව නඩු පැවරිය යුතු යැයිද ඇමතිවරයා සඳහන් කරයි.

අමාත්‍යාශයේ කටයුතු කර ගෙන යාමේදී මුහුණ දෙන බාධාවන් මොනවාදැයි මාධ්‍යවේදියා ඇසූ ප‍්‍රශ්නයට වාසුදේව නානායක්කාර මහතා දුන් පිළිතුර මෙසේය.

‘‘මට කිසිම සහයෝගයක් නොදෙන සමහර අමාත්‍යාංශ තිබෙනවා. මම කියනවා සිංහලෙන් පමණක් බෝඩ් දාන්න එපා කියලා. එයාලා සිංහලෙන් පමණක් බෝඞ් දානවා. එකක් තමයි ආරක්ෂක අමාත්‍යාංශය. ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් හැම වෙලේම දාන්නේ සිංහලෙන් පමණක් නම යෙදූබෝඞ්,. මේ කටයුතුවලට විරුද්ධව හරි විදියට නම් නඩු දාන්න  ඕන. ඉතිං කොහොමද එක අමාත්‍යාංශයක ඇමති කෙනෙක් අනෙක් අමාත්‍යාංශයේ ලේකම්ට විරුද්ධව නඩු දාන්නේ. මේ කටයුතුවලදී මම හිරවෙලා ඉන්නවා. මේවා තමයි අපි මුහුණ දෙන අභියෝග.

Posted by Ravaya on 11:23 PM. Filed under . You can follow any responses to this entry through the RSS 2.0. You can leave a response or trackback to this entry

0 comments for "වාසුදේව, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ට විරුද්ධව නඩු දාන්න බැරිව හිරවෙලා ????"

Leave a reply