ගෙවුණු වසරේදී බ්‍රැන්ඩික්ස් සමූහයෙන් ලේ පයින්ට් 2277 ක්
සමාජය කෙරෙහි පවතින තම කැපවීම නැවතත් සනිටුහන් කරමින් ලංකාවේ විශාලතම ඇඟලුම් අපනයනකරුවකු වන බ්‍රැන්ඩික්ස් සමූහය 2011 වසර තුළ දී රුධිර පයින්ට් 2277ක් ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයට (NBTS) පරිත්‍යාග කිරීමට සමත් වී ඇත.මෙම රුධිර පරිත්‍යාගය 2011 වසර තුළ දී ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයට තනි ආයතනයක් විසින් පරිත්‍යාග කළ වැඩිම ලේ පයින්ට් ප්‍රමාණයයි. ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයට අනුව 2010 වසරේදීද ඔවුන් වෙත වැඩිම රුධිර පයින්ට් ප්‍රමාණයක් පරිත්‍යාග කිරීමට බ්‍රැන්ඩික්ස් සමූහය කටයුතු කළ අතර 2011 වසරේදී ඔවුන් විසින් පරිත්‍යාග කළ රුධිර පයින්ට් ප්‍රමාණය පසුගිය වසරට සාපේක්ෂව පයින්ට් 321 කින් වැඩි වී තිබේ.
ලේ දන් දීමේ කඳවුරු පවත්වා රුධිරය පරිත්‍යාග කරමින් 2011 වසරේ දැක් වූ සුවිශේෂ සමාජ මෙහෙවර අගයමින් බ්‍රැන්ඩික්ස් සමූහයට විශේෂ ඇගයුම් ඵලකයක් පිරිනැමීමට ද ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානය පසුගියදා කටයුතු කළේය.
රට පුරාම ක්‍රියාත්මක තම නිෂ්පාද කර්මාන්ත ශාලාවන්හි අනුග්රහයද ඇතිව ලේ දන් දීමේ කඳවුරු ගණනාවක් සංවිධානය කර 2012 වසරේ දී රුධිරය පයින්ට් 2500ක් ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානය වෙත පරිත්‍යාග කිරීම සමූහයේ ඉලක්කය වී තිබේ.
2011 වසරේ සැප්තැම්බර් 29 වන දා සිට දෙසැම්බර් 8 වන දා දක්වා බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලා 27ක් ආවරණය වන ලෙස දීපව්‍යාප්තව ස්ථාන 26 කදී ලේ දන් දීමේ ව්‍යාපෘති ක්‍රියාවට නංවා ඇත.
0 comments for "ගෙවුණු වසරේදී බ්‍රැන්ඩික්ස් සමූහයෙන් ලේ පයින්ට් 2277 ක්"