බන්ධනාගාර නිලධාරීනුත් අකුරට යන ලකුණු

දිවයින පුරා පිහිටි බන්ධනාගාරවල නිලධාරීන්ට පසුගිය වසරේ මාස තුනක අතිකාල දීමනා, විශේෂ අතිකාල දීමනා සහ සංයුක්ත දීමනා ගෙවීමට ඇති හිඟ දීමනා ගෙවන තුරු දිනපතා සේවයට නොපැමිණීමට බන්ධනාගාර නිලධාරීන් තිරණය කර ඇත.

දිනපතා බන්ධනාගාර සේවයට පැමිණෙන නිලධාරීන් පිරිස විශාල වශයෙන් අඩුවෙමින් පවතින බවත් මේ හේතුවෙන් දෛනික රාජකාරී කටයුතුවලට නිලධාරීන් යෙදවීමට පවා අපහසුවී ඇති බවත් බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම තත්ත්වය බන්ධනාගාරවල ආරක්ෂාවට තර්ජනයක් විය හැකි බවත් බන්ධනාගාර ජ්‍යෙෂ්ඨ නිලධාරිහු වැඩිදුරටත් කියා සිටි.

පසුගිය දිනවල මෙම දීමනාවන් ගෙවා තිබුණේ බන්ධනාගාර මුලස්ථනයේ නිලධාරීන්ට පමණක් බවත් බන්ධනාගාරවල සිටින නිලධාරීන්ට මෙම දීමනා නොගෙවීම මත මෙවැනි නොසන්සුන්තාවක් බන්ධනාගාර තුළ ක‍්‍රියාත්මක වනඅතර නිලධාරීන්ගේ පැමිණීම සිග‍්‍ර ලෙස පහත බැස ඇත.

Posted by Ravaya on 4:21 AM. Filed under . You can follow any responses to this entry through the RSS 2.0. You can leave a response or trackback to this entry

0 comments for "බන්ධනාගාර නිලධාරීනුත් අකුරට යන ලකුණු"

Leave a reply