පාර්ලිමේන්තුවේ භාෂා පරිවර්තක සත්‍යසීලන් සුදුවෑන් මාරයා බිලිගනී
පාර්ලිමේන්තුවේ සිංහල දෙමළ භෂා පරිවර්තක ලෙස සේවය කරන ප්‍රකට භාෂා පරිවර්තකයෙක් වූ සත්‍යසීලන් පාක්යරාජ් මහතා අද පාන්දර ත්‍රිකුණාමලයේදී ගෝඨාභය රාජපක්ෂමහතාගේ නීරීක්ෂණය යටතේ මිනීමරණ සුදුවෑන් රථයකින් පැමිණි කණ්ඩායමක් විසින් පැහැර ගෙන ගොස් තිබේ.වයස අවුරුදු 34 ක් වූ සත්‍යසීලන් මහතා අද පාන්දර සිය පවුල පදිංචි ත්‍රිමලය බලා පිටත්ව ගොස් ඇති අතර ත්‍රිමලය මධ්‍යම බස් නැවතුමෙන් බැස නිවස බලා පිටත්ව යද්දී පාන්දර 5.30 ට පමණ මෙසේ පැහැර ගෙන ගොස් ඇත.
පැහැර ගැනීමෙන් පසුව ඔහු සිය බිරිඳට දුරකථන ඇමැතුමක් දෙමින් තමා පැහැරගෙන ඇතැයි පවසද්දීම ඔහුව පැහැරගත් මෙම මැර කණ්ඩායම විසින් දුරකථන ඇමැතුම විසන්ධි කර ඇත. ඉන්පසු ඔහු ගැන කිසිදු තොරතුරක් නැතැයි සත්‍යසීලන් මහතාගේ බිරිඳ ත්‍රිමලය හාබර් පොලීසියට කළ පැමිණිල්ලේ සඳහන් වේ.
සුදුවෑන් මගින් පැහැරගන්නා පුද්ගලයන් මරා පුලූස්සා දැමීම සඳහා විශේෂ ගෑස් කාමරයක් සහිත වාහන කිහිපයක් දිවයිනේ ප්‍රදේශ කිහිපයක සැරිසරමින් සිටින බව පසුගියදා ‘ජනරළ’ පුවත්පත වාර්තා කරතිබිණ. ආදාහනාගාර සඳහා භාවිතා කරන, මෘතදේහ පුලූස්සා දමන ගෑස් කාමරයක් විශේෂ වාහනයකට සවිකර මෙලෙස සැරිසරමින් තිබෙන බවත්, පසුගිය කාලවකවානුව පුරා සුදුවෑන්වලින් පැමිණ පැහැරගත් විශාල පිරිසක් මෙම ගෑස් කාමර භාවිතා කර විනාශ කර දමනු ලැබ ඇති බවත් ඔවුන් අවධාරනයෙන් යුතුව ප්‍රකාශ කර ඇත.
කොළඹ, ගම්පහ, නුවර, ගාල්ල, මාතර, අනුරාධපුරය හා උතුරු නැගෙනහිර දිස්ත්‍රික්ක සඳහා, විශේෂයෙන් දිස්ත්‍රික්කයකට එක බැගින් මෙම ගෑස් කාමර යවා තිබේ. ඉතා රහසිගත ලෙස ගෙනයන මෙම ගෑස් කාමරය විශේෂ ආරක්ෂාවක් යටතේ භාවිතයට ගැනීමට ආරක්ෂක අංශවලට පරිභාහිරව පුහුණු කළ විශේෂ අතුරුහමුදා කණ්ඩායමක් ද යොදවා තිබේ.
සුදුවෑන් බලකාය විසින් පැහැරගන්නා පුද්ගලයන් රඳවා තබාගැනීම අනතුරුදායක බැවින් පැහැරගත් සැනින් ඔවුන් මරා සාක්ෂි විනාශ කිරීම සඳහා මෙම ක්‍රමවේදය උපයෝගි කරගෙන ඇත.
දැනට පැහැරගන්නා ලද පුද්ගලයන් ගණනාවක් අතරින් වැඩි පිරිසකගේ ඉරණම පිළබදව කිසිදු තොරතුරක් සොයාගත නොහැකි වී ඇත්තේ මේ නිසා බව ‘ජනරළ’ පුවත්පත වැඩිදුරටත් අවධාරනය කර තිබිණ.
0 comments for "පාර්ලිමේන්තුවේ භාෂා පරිවර්තක සත්‍යසීලන් සුදුවෑන් මාරයා බිලිගනී"