ඉරානයට පහරදීමට සූදානම්වීම පිළිබද රුසියාව අනතුරු අගවයි

බටහිර ජාතීන් විසින් ඉරානයට ප‍්‍රහාර එල්ල කිරීමට සූදානම් වීම සම්බන්ධයෙන් රුසියානු විදේශ අමාත්‍යවරයා වන ‘‘සර්ගෙයි ලැවරෝව්’ අනතුරු අගවා ඇති බව වාර්තාවෙයි.

මීට හේතුව ලෙස ඔහු දක්වා ඇත්තේ එබදු ප‍්‍රහාරයක් මහා විනාශයකට මගපාදනු ඇති බවය. ලැවරෝව් ප‍්‍රකාශ කර ඇත්තේ ඉරානය පහරදීමකට ලක්වුවහොත් විශාල සරණාගත පිරිසක් ඉරානයෙන් පිටවනු ඇති බවත්, එය මැදපෙරදිග පවතින පක්ෂග‍්‍රාහී අර්බුද තවදුරටත් ත‍්‍රීවුර කිරීමට හේතුවන බවත්ය.

කෙසේ වුවත් ඊශ‍්‍රායල් ආරක්ෂක අමාත්‍යවරයා මීට පෙර ප‍්‍රකාශ කර සිටියේ ඉරානයට පහරදීම අනාගතයේදී ගත යුතු තීරණයක් බවයි. තවද ඉරාන විදේශ අමාත්‍යවරයා පවසා සිටියේ න්‍යෂ්ඨික වැඩසටහන පිළිබද සාකච්චා ඉස්තාන්බුල් නගරයේදී පැවැත්වීමට සුදානම් කර ඇති බවයි.

Posted by Ravaya on 2:44 AM. Filed under . You can follow any responses to this entry through the RSS 2.0. You can leave a response or trackback to this entry

0 comments for "ඉරානයට පහරදීමට සූදානම්වීම පිළිබද රුසියාව අනතුරු අගවයි"

Leave a reply