උයන්වත්ත ක‍්‍රීඩාංගණයේ නවලෝක ක‍්‍රීඩා මණ්ඩපය ගරාවැටේ

මාතර උයන්වත් ක‍්‍රීඩාංගණය මාතර නගරයට ආභරණයකි. උයන්වත්ත ක‍්‍රීඩාංගණයට නවලෝක ක‍්‍රීඩා මන්ඩපය ආභරණයකි. එහෙත් නවලෝක ක‍්‍රීඩා මණ්ඩපය අදවන විට විනාශයට ළගා වෙමින් තිබීම කනගාටුවට කරුණකි.

නවලෝක ක‍්‍රීඩා මණ්ඩපය අද වනවිට ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ට මරු කැඳවන තැනත් බවට පත්වෙමින් තිබේ. පසුගිය නොවැම්බර් 25 දින ඇති වූ සුලි කුණාටුවෙන් ක‍්‍රීඩා මණ්ඩපයට විශාල හානියක් අත් වී ඇත.

නවලෝක සමූහ ව්‍යාපාරයේ අධිපති නැසී ගිය එච්.කේ. ධර්මදාස මහතා විසින් මිලියන ගණනක් මුදල් වැයකර ඉදිකළ මෙම ක‍්‍රීඩා මන්ඩපය අලූත්වැඩියාව සඳහා මාතර ක‍්‍රිකට් සංගමය බාරව සිටියත් ඔවුන් එම කටයුත්ත නිසි ආකාරයෙන් නොකිරීම නිසා ක‍්‍රීඩා මණ්ඩපය දිනෙන් දින පරිහානියට පත්වෙමින් තිබෙන බව පැවසේ.

Posted by Ravaya on 1:40 AM. Filed under . You can follow any responses to this entry through the RSS 2.0. You can leave a response or trackback to this entry

0 comments for "උයන්වත්ත ක‍්‍රීඩාංගණයේ නවලෝක ක‍්‍රීඩා මණ්ඩපය ගරාවැටේ"

Leave a reply