හිමිනමකගේ අඳනකඩ සාක්කුවේ ජීව උණ්ඩ 7ක්
නාරාහේන්පිට ප‍්‍රදේශයේ පිහිටි විහාරස්ථානයක් තුලදි එහි වැඩවාසය කළ හිමිනමකගේ අඳනකඩයේ සාක්කුවට ජීව උණ්ඩ 7ක් දැමුවේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණයක් පවත්වා වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහෙස්ත‍්‍රාත් මහිල් විජේසූරිය මහතා නාරහේන්පිට පොලීසියට නියෝග කර ඇත.එම විහාරස්ථානයේ වැඩවාසය කරන විජිත ශ‍්‍රී ශාඛ්‍ය පුණ්‍ය හිමි විසින් කරන ලද පැමිණිල්ලක් අනුව පරීක්ෂණ පැවැත් වූ නාරාහේන්පිට පොලීසිය ඉදිරිපත් කර තිබූ තොරතුරු වාර්තාවක් සලකා බැලූ අතිරේක මහේස්ත‍්‍රාත්වරයා එම නියෝගය නිකුත් කළේය.
2011.07.17 දින සිට තමන් වහන්සේ එම විහාරස්ථානයේ වැඩවාසය කරන බවත් පසුගිය 8 වැනිදා ගමනක් ගොස් විහාස්ථානයට වැඩම කොට පැය කිහිපයකට පසුව බලන විට තම කාමරයේ තිබූ අඳනකඩයේ සාක්කුවක එම ජීව උණ්ඩ හත හා ‘‘මේවා එල්ටීටීඊ බඩු ඇප ගන්න වෙන්නේ ඉහළ උසාවියෙන් තමයි’’ යැයි සඳහන් ලිපියක් තිබූ බවත් එම හිමියන් සිය පැමිණිල්ල මගින් පෙන්වා දී තිබුණි.
0 comments for "හිමිනමකගේ අඳනකඩ සාක්කුවේ ජීව උණ්ඩ 7ක්"