ඉරානය - බටහිර සමග සාකච්ඡා කිරීමට සූදානම්
බටහිර රටවල් සමග සාකච්ඡා කිරීමට ඉරානය සූදානම් බවත්, එහෙත් ඒ න්‍යෂ්ටික වැඩපිලිවෙළට විරෝධය දක්වා සිදු කළ සම්බාධක පැනවීම නිසා නොවන බවත් ඉරාන ජනාධිපති මොහොමඞ් අහමදි නෙජාඞ් සඳහන් කරයි.ඉරානය සමග එළැඹ ඇති නව ඉන්ධන ගිවිසුම් තහනම් කිරීමට යුරෝපා සංගමය පියවර ගනු ලැබුවේ පසුගිය සදුදාය. එහිදී එවුන් සඳහන් කළේ ඉරානයේ න්‍යෂ්ටික සැලැස්ම සාමකාමී යැයි විශ්වාස කළ නොහැකි බවය.
ඉරානය සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආරක්ෂක කවුන්සිලයේ නිත්‍ය සාමාජික රටවල් පහක් සහ ජර්මනිය අතර 2011 ජනවාරි මාසයේ දී සාකච්ඡා වටයක් පැවති අතර අවසන් තීරණයක් නොමැතිව එය අවසන් විය.
එතැන් සිටි නැවත සාකච්ඡා ඇරඹීමට ඉරාන ජනාධිපතිවරයා එකඟත්වය පළකර තිබිණි. ගිනිකොන දිග ඉරානයේ කර්මෑන්හි දී ජනාධිපතිවරයා දැක්වූ අදහස් එරට රාජ්‍ය රූපවාහිනියෙන් විකාශනය වූ අතර තම රටට පීඩනය ඇති කිරීම අරමුණු කරගනිමින් සාකච්ඡා කඩාකප්පල් කිරීමට උත්සාහ තිබෙන බවද ඔහු එහිදි කියා තිබේ.
බී.බී.සී
0 comments for "ඉරානය - බටහිර සමග සාකච්ඡා කිරීමට සූදානම්"