සේවක අර්ථ සාධක අරමුදලේ ගිණුම් වහාම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න - ආචාර්ය හර්ෂ ද සිල්වා

සේවක අර්ථ සාධක අරමුදල් සංශෝධන පනත් කෙටුම්පත මෙම මස 18 වැනි දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ආණ්ඩුව සූදානම් වුවද 2010 වසරට අදාළ එම අරමුදලෙහි ගිණුම් වාර්තා මෙතෙක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකිරීම පිළිබදව බරපතල සැකයක් උද්ගතව තිබෙන බව එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පුවත් නිවේදනයක් නිකුත් කරමින් අවධාරනය කර සිටී.
‘‘1958 සේවක අර්ථ සාධක අරමුදල් පනතට අනුව සෑම වසරකම එම අරමුදලේ ගිණුම් වාර්තා වසර අවසාන වී මාස 3ක් ඇතුලත විෂය භාර ඇමතිවරයාට ඉදිරිපත් කළ යුතු වනඅතර අනතුරුව එහි විගණන වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතුය.
ශ‍්‍රී ලංකාවේ විශාලතම අරමුදල වන සේවක අර්ථ සාධක අරමුදලෙහි ගිණුම් වාර්තා වාර්ෂිකව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ආණ්ඩුව බැඳී සිටිය ද, 2010 වසරට අදාල ගිණුම් වාර්තා වසරකට අධික කාලයක් ඉක්ම ගොස් තිබියදීත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකිරීමෙන් පෙනී යන්නේ ආණ්ඩුව යහපාලනය පිළිබද කිසිඳු තැකීමකින් තොරව කටයුතු කරන බවයි.
සේවක අර්ථ සාධක සංශෝධ පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ප‍්‍රථම එම අරමුදලෙහි 2010 වසරට අදාළ ගිණුම් වහාම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු බව එක්සත් ජාතික පක්‍ෂය අවධාරණයෙන් යුතුව ප‍්‍රකාශ කරමු.’’

Posted by Ravaya on 6:37 PM. Filed under . You can follow any responses to this entry through the RSS 2.0. You can leave a response or trackback to this entry

0 comments for "සේවක අර්ථ සාධක අරමුදලේ ගිණුම් වහාම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න - ආචාර්ය හර්ෂ ද සිල්වා"

Leave a reply