මැතිවරණ ක්‍රමයේ ඕනෑම සංශෝධනයකට විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම ඇතුලත් විය යුතුයි - ජවිපෙ

මනාප ජන්ද ක‍්‍රමය කෙරෙහි ජනතාව තුළ තිබෙන පොදු විරෝධයට මුවාවී පළාත්පාලන මැතිවරණ නීති සංශෝඹනය කිරීමේ පණතක් සම්මත කරගැනීමට ආණ්ඩුව උත්සාහ දරණ බවත් වර්තමාන දේශපාලන සංස්කෘතියේ ඇන්ත පරිහානිය පනත් සම්මත කිරීමෙන් වැලැක්විය නොහැකි අතර මැතිවරණ පණත් සම්මත කිරීමට අදාල ඕණෑම සංශෝදනයක් සමග විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමේ කොන්දෙසියට බැඳී තිබිය යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු කණ්ඩායම් නායක අණුර කුමාර දිසානායක මහතා අවධාරණය කරයි. එම පක්‍ෂයේ පැලවත්ත ප‍්‍රධාන කාර්යාලයේදී අද (08) උදේ පැවති ප‍්‍රවෘත්ති සාකච්ජාවකදී ඒ මහතා මේ බව සඳහන් කළේය.

ආණ්ඩුව උත්සාහ කරන්නේ ජනතාවට ඉතිරි වී තිබෙන ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතියත් පනතක් සම්මත කිරීමෙන් නීතියක් හරහා පැහැරගැනීමට. එහිදි ඒ මහතා වැඩිදුරටත් මෙසේ සදහන් කළේය.
88-86 ජනතා නැගිටීමෙන් අනතුරුව පත්කළ තරුණ අසහන කමිටුවේ වැදගත් නිර්දේශයක්වූ පළාත්පාලන ආයතනවලට ඉදිරිපත්කරනු ලබන නාම යෝජනා ලයිස්තුවෙන් 35%ක් අවුරුදු 35ට අඩු තරුණ නියෝජිතයන්ට හිමිවිය යුතුය යන්න මේ සංශෝධනවලින් අහෝසිකරනවා. එක්සත් ජාතික පක්‍ෂයේ සහ ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ පවුල් බලය තහවුරු කරන දේශපාලන බලයට පිටින් සාමාන්‍ය තරුණයන්ට දේශපාලනය කිරීමේ හැකියාව මේ වගන්තියෙන් තහවුරු කර තිබුණා. දැන් එය ඉවත්කරන්න සූදානම්.
කැළණියේ මේ වන විට සිදුවෙමින් තිබෙන්නේ අපේ රටේ ජරාජීර්ණ දේශපාලන සංස්කෘතියේ පැතිකඩක් නිරාවරණය කිරීමයි. ඇමතිවරයා සහ ප‍්‍රාදේශීය සභා දේශපාලඥයන් හවුලේ බෙදාගත් කප්පම් ගැනීමේ ජාවාරම් පුපුරා ගිහින්. මාඵ මාකට් එකෙන් කප්පම් ගත්තා. බාර්වලින් කප්පම් ගත්තා. ඇමතිවරයා කියන්නේ තමන් යටතේ ඉන්න අයට කාල බීල ඉන්න ආදායම් මාර්ග සපයා දුන් බවයි. ප‍්‍රාදේශීය සභා මන්තී‍්‍රවරු කියන්නේ බාර්වලින් රුපියල් 10000සිට ඇමතිවරයා කප්පම් ගත්බවයි. මනාප ඡුන්ද ක‍්‍රමය මේකට බලපාන්නේ කොහොමද ?
සමානුපාතික ඡන්ද ක‍්‍රමය හඳුන්වා දුන්නේ 1977 දී හඳුවාදෙන ලද විවෘත ආර්ථික ප‍්‍රතිපත්තිය සමග බවත් ඒ සමග විධායක ජනාධිපති ක‍්‍රමයද හඳුන්වාදීම අර්ථ දැක්විය යුත්තේ සමානුපාතාතික ඡන්ද ක‍්‍රමයේ නිවුන් සහෝදරයා විධායක ජනාධිපති තනතුර වන හෙයින් මේ එක් ඡුන්ද ක‍්‍රමයක් සංශෝදනය කර අනෙක රැකිය නොහැකි බවද ඒ නිසා  ඕනෑම මැතිවරණ පනතක් සංශෝධනය කිරීමේදී විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමේ කොන්දේසිය අනිවාර්යයෙන්ම බඳී තිබෙනවා.
ආණ්ඩුව සම්මත කරගැනීමට අපේක්‍ෂාකරන පළාත්පාලන මැතිවරණ පනත තුළින් 51% ක ඡන්දය ලබාගන්නා පක්‍ෂයට හෝ කණ්ඩායමට මන්තී‍්‍ර ධූර 70% ලැබෙන විට ජන්ද 49% ක් ලබාගන්නා පක්‍ෂයට හෝ කණ්ඩායමට ලැබෙනුයේ මන්තී‍්‍රධූර වලින් 30% විකෘත්ති ප‍්‍රතිඵලයක්.
දේශපානල පක්‍ෂවල අපේක්‍ෂකයෙකු වෙනුවෙන් රුපියල් 5000ක් බැගින් ඇප තැන්පත් කළ යුතු අතර ස්වාධීන අපේක්‍ෂයෙකු රුපියල් 20,000ක් තැන්පත් කළ යුතුය. මේ අනුව දේශපාලන පක්‍ෂයක් වශයෙන් සැලකුව හොත් අවම වශයෙන් ඇප තැන්පත් කිරීම සඳහා පමනක් ලක්‍ෂ 325ක් පමණ වැය වන බවද මෙවැනි මුදලක් දැරිය හැක්කේ පාතාල ජාවාරම්කරුවන් සහ වෙනත් නීතිවිරෝධී ජාවාරම්වල යෙදෙන්නන්ට රැකවරණය ලබාදෙන ප‍්‍රධාන පක්‍ෂ දෙකට පමණයි. මෙවන විට දේශපාලන සංස්කෘතිය අගාදයකට වැටී ඇත්තේ. ආර්ථික ජාවාරම් ආරක්‍ෂා කරගැනීමේ අරමුණෙන් දේශපාලනයට පිවිසී ඇති පිරිස්.
එහෙයින් කළයුත්තේ අවම වශයෙන් හෝ ඡන්දදායකයාගේ මතය නියෝජනය වන දුර්වලකම් සහිත පවතින සමාණුපාතික ඡන්දක‍්‍රමයට වඩා තවදුරටත් අර්බුද උත්සන්න කරන ඡන්දක‍්‍රමයක් හඳුන්වාදීම නොව මහජන මතය අවම වශයෙන් හෝ තහවුරුවන විධායක ජනාධිපති ධුරයට යටත්නොවන පාර්ලිමේන්තු හෝ පළාත්පාලන ආයතනවල ප‍්‍රජාතන්ත‍්‍රවාදය රැකෙන තත්වයක් හඳුවාදීම බව ඒ අවම හෝ ප‍්‍රජාතන්ත‍්‍රවාදය තහවුරු නොවී විධායක ජනාධිපති ධුරයට සහ අන්ත පරිහානික දේශපාලන සංස්කෘතියට තවදුරටත් පාර කපන පළාත් පාලන මැතිවරණ සංශෝධන පනතට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ කටයුතු කරනවා. එය පරාජය කිරීමට කළහැකි සියඵ කි‍්‍රයාමාර්ග ගන්නවා.
මාධ්‍යවේදීන් ඇසූ ප‍්‍රශ්නවලට දුන් පිළිතුරු
x මේ පනතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට යනවාද - ශ්‍රේෂ්ඨාධිකරණයේදී සිදුකෙරෙන්නේ අදාල පනත ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට එකගද නැදද් යන්න තීරණය කිරීමයි. කුමන හෝ පනතක් සමාජ යහපතට සාධාරණත්වයට ප‍්‍රජාතන්ත‍්‍රවාදයට එකගද යන කරුණු සලකා බලන්නෑ.
x අර්ථසාධක අරමුදල් ප‍්‍රශ්නය - සේවක අර්ථසාධක අරමුදලට විවිධ ආකාරයෙන් කෙළහලනවා. මහ බැංකුවේ වගකීම ඒ අරමුදල පරෙස්සම් කිරීමයි. ඒක ආණ්ඩුවට අයිති නෑ. එයට ආණ්ඩුව අත නොගැසිය යුතුයි. නමුත් පාර්ලිමේන්තුවේ පනත් සම්මත කරගැනීම හරහා වැඩකරන ජනතාවගේ අරමුදල කොල්ලකෑමට ආණ්ඩුව විවිධ උත්සාහයන් දරණවා. විශ‍්‍රාම වැටුප් ප්‍රෝඩාවෙන් කළෙත් ඒකයි. දැන් තිස්මහල් ප‍්‍රාසාදයක් හැදීමේමූවාවෙන් කරන්න හදන්නෙත් ඒකයි. මේ උත්සාහය අරමුදල කොල්ලකන්න අසීමිත දොරටුවක් විවෘත්ත කරගැනීමටයි. පහුගිය කාලයේ කොටස් වෙලඳපොලේ අරමුදලේ මුදල් ආයෝජනය කිරීමෙන්  ලැබුනු ලාභාංශ සෘන 3%ක් දක්වා පහතවැටිලා.
x උසස්පෙල ප‍්‍රතිඵල අවුල - උසස්පෙළ ප‍්‍රතිඵල වල අවුල වහගන්න සංවිධානය කළ ප‍්‍රවෘත්ති සාකච්ඡාව කොළඹ කෝළම බවට පත්වුනා. උසස් අධ්‍යාපන ඇමති, අධ්‍යාපන ඇමති, නියෝජ්‍ය ඇමතිවරු, අධික්‍ෂණ මන්තී‍්‍ර, විභාග කොමසාරිස්, අමාත්‍යංශ ලේකම්වරු ඇතුඵ සියඵ බලධාරීන් පැය 3ක් විතර කළේ විකට ජවනිකා රගදැක්වූ කොළඹ කෝළමක් ප‍්‍රථිපල විකෘත්තිය ගැන සැබෑ වගඋත්තරකරුවෝ කවුද යන්න එයින් පැහැදිලි උනා. මේ ආණ්ඩුව අධ්‍යාපනය කෙරෙහි ජනතා විශ්වාසයත් විභාග කෙරෙහි තිබූ ජනතා විශ්වාසයත් බිඳදාල. ඒ 3 ගත් කෙනාටත් සතුටුවෙන්න බෑ. ආණ්ඩුව දැන් කළ යුත්තේ මහන්තත්තකම උද්ධච්ඡකම පැත්තකින් තියලා සියඵම පිළිතුරු පත‍්‍ර නැවත සමීක්‍ෂණය කිරීමයි. ඒ වෙනුවෙන් වූ ප‍්‍රතිපත්ති තීරණයක් ගත යුතුයි. හැම දේකටම අතදාන ජනාධිපතිවරයාගේ සිට සිය`ඵම දෙනා මේ තත්වයට වගකිවයුතුයි.
x ජ-පුරේ ප‍්‍රශ්නය - කරුණාරත්න උපකුලපති කියන්නේ උන්මත්තකයෙක් උපකුලපති ධූරයේ ගෞරවය විනාශකරමින් විශාල දේශපාලන ව්‍යාපෘතියක යෙදී ඉන්න අසාර්ථක පුද්ගලයෙක්. තමන්ගේ අසාර්තක බව වහගන්න දේශපාලන පක්‍ෂවලට මඩ ගහනවා. මොහු කි‍්‍රයාකරන උමතුභාවය කොතෙක්ද යන්න පහුගිය කාලයේ දිගින් දිගටම අනාවරණය උනා. ශිෂ්‍ය හාමුදුරුවන්ගේ නේවාසිකාගාරවලට කඩාපැන්නා. ශිෂ්‍යවන්ගේ නේවාසිකාගාරවලට කඩාපැන්නා. ශිෂ්‍යයන් පේ‍්‍රම කරන හැටි බලන්න කැමරා අරගෙන ගියා. අපවත්වූ හිමිනමකගේ පංති තහනම්කළා. උපැවිදිවූ හිමිනමකගේ පංති තහනම් කළා. මේ වගේ උමතුකි‍්‍රයා දිගින් දිගටම සිදුකරනවා.
x උගත්පාඩම් කොමිසම ගැන - උතුරු නැගෙන හිර දෙමළ සහ අනෙකුත් සියඵම ජනකණ්ඩායම් යථාවත්කිරීම ඉක්මනින්ම කළයුතුයි. ඒ මූලික කරුණ ඉටු නොකර වෙන මොන දෙයක් කළත් ජනතාවගේ මූලික ප‍්‍රශ්න විසදෙන්නෑ. ආණ්ඩුව මේ කොමිසම පත්කළේ බටහිර රටවලින් නැගුන විරෝධයෙන් අත්මිදෙන්න ඔය වගේම බලය බෙදා හැරීම පිළිබඳ මූලික අදහස තබාගෙන. නමුත් කළයුත්තේ ජනතාවගේ මූලික අවශ්‍යතා විසඳා ඊට පසු බලය බෙදනවාද පොලිස් හා ඉඩම් බලතල ලබා දෙනවාද වැනි කරුණු සාකච්ඡා කිරීමයි. නමුත් ආණ්ඩුව අද කරමින් ඉන්නේ කලමරමින් ජනතාව පීඩාවට පත්කිරීම.

Posted by Ravaya on 3:22 PM. Filed under . You can follow any responses to this entry through the RSS 2.0. You can leave a response or trackback to this entry

0 comments for "මැතිවරණ ක්‍රමයේ ඕනෑම සංශෝධනයකට විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම ඇතුලත් විය යුතුයි - ජවිපෙ"

Leave a reply