නෙලූම් පොකුණේ VIP වැසිකිලිය ඇමතිවරුන්ට තහනම්

චීන රජයේ ආධාර යටතේ ඉදිකොට මෑතකදී විවෘත කරනු ලැබූ ‘නෙළුම් පොකුණ’ රංග ශාලාවේ දෙවන මහලයේ, ආලින්දයට ආසන්නව පිහිටි විශේෂ ප‍්‍රභූන් සඳහා වූ වැසිකිලිය භාවිතා කිරීම ඇමතිවරුන්ට තහනම් කර තිබේ.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයෙකු වූ සරත්විතාන මහතාගේ දියණියගේ ‘අරංගේත්තම්’ නැටුම් ප‍්‍රසංගය පසුගිය දා එම රංග ශාලාවේ පැවති අතර ඒ සඳහා මැති ඇමතිවරු රාශියක්ද සහභාගී වී තිබේ. එහිදී එක් අමාත්‍යවරියක් තම අවශ්‍යතාවය සඳහා එම වැසිකිලිය පාවිච්චි කිරීමට ගිය අවස්ථාවේදී ආරක්ෂක නිලධාරීන් ඇයට ඒ සඳහා ඉඩ දී නැත.

‘‘අපිත් එක්ක අමනාප වෙන්න එපා මැඩම්. මේ ටොයිලට් එක වෙන්කරලා තියෙන්නේ අපේ ආරක්ෂක ලේකම්තුමාට වෙන කාටවත් මේක පාවිච්චි කරන්න දෙන්න එපා කියලා ආරක්ෂක අමාත්‍යාංශයෙන් අපට නියෝගයක් ලැබිලා තියෙනවා’’ යැයි ආරක්ෂක නිලධාරියෙකු ඇමතිවරියට පවසා ඇත.

මෙයින් කෝපයට පත් ඇමතිවරයාගේ ස්වාමිපුරුෂයා, ‘‘අයිසේ ඇමතිවරු ඉන්නේ අමාත්‍යාංශ ලේකම්වරුන්ට ඉහළින් කියන එක තමුසෙලා හොදින් දැනගන්නවා’’ යැයි දැඩි ආවේගයකින් යුතුව පවසා තිබේ.

එහෙත් ඇමතිවරියගේ අවශ්‍යතාවය ඉටුකරගැනීමට ඉඩලබාදී නොමැති ආරක්ෂක නිලධාරින් එම මහලයේම වෙනත් තැනක පිහිටි වැසිකිලියකට යන ලෙස ඇමතිවරියගෙන් බැගෑපත්ව ඉල්ලා ඇත.

Posted by Ravaya on 4:17 AM. Filed under . You can follow any responses to this entry through the RSS 2.0. You can leave a response or trackback to this entry

0 comments for "නෙලූම් පොකුණේ VIP වැසිකිලිය ඇමතිවරුන්ට තහනම්"

Leave a reply