සෝමරත්නගේ චිත්‍රපටයට පාසල් ළමුන් සිනමා ශාලාවලට එවන්න අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයාට පගාව

සෝමරත්න දිසානායක වූ කලී ලාංකීය සමාජයේ සම්යප්ප්‍රයෝගෙන් ජීවත් වන්නාවූ කළා වෙළෙන්දෙකි ඔහුගේ ප්‍රදානතම අදායම් මාර්ගය මුදල් පොලියට දීම වන අතර සමාජයට පෙන්වීමට කලාකරුවකු වී ඇත. සිනමාව තුල ඔහු ළමා සිනමාවක් ගොඩනගාගෙන හුදෙක් ළමයින් වෙනුවෙන් පෙනීසිටින සිනමාකරුවකු ලෙස සමාජ ශෝධයකයෙකු ලෙස පෙනී සිටිමින් ළමා චිත්‍රපට වෙළදපොලක් නිර්මාණය කොට විශාල මුදල් සම්බාරයක් හැරී හම්බ කොට ඇත. සෝමරත්න දීසානායක කළා ව්‍යාපාරිකයකු වශයෙන් සාර්ථක වී ඇත්තේ  අතීතයේ පටන් තමාකල ව්‍යාපාරයේ ප්‍රදාන සාධකය ලෙස පාසල් ළමුන්ගේ  මුදල් කෙරේ යොමු වීමයී.

සාමාන්‍යයෙන් පාසලක දරුවකු චිත්‍රපටයක්  නරබා හසුවුනහොත් පාසලෙන් නෙරපීමට තරම් හේතු වූ අප  සමාජයේ පාසැල තුල සෝමරත්න දීසානායක අධ්‍යාපන  අමාත්‍යංශයේ ලේකම්වරායව මුදලට හසුකොටගෙන ඍජුව පාසල් ළමුන් දහස්  ගණන්  සිනමා ශාලාව තුලට ගෙන ඒමට සමත්ව ඇත. සාමාන්‍යයෙන් පාසලක වේදීක නාට්‍යක් පෙන්වීමේදී පවා වේදීකා නාට්‍යකරුවකු විශාල පීඩාවකට පත්ව දේශපාලන බලපෑමක් නොමතීනම් අසාර්ථකව නිහඩව සිටීමට සිදුවන වර්තමානයේ සෝමරත්න දීසානායක වත්මන් අධ්‍යාපන  අමාත්‍යංශයේ ලේකම් එච්.එම්. ගුණසේකර යන අයට මුදල් සන්තෝසම් දී පාසල් ළමුන් සිනමා ශාලා වෙත  යැවීමට කටයුතු සලස්වයී.

සෝමරත්නගේ ව්‍යාපාරික කුසලතාවය  කොතෙක්ද යත්  සනත් අබේසේකර මහින්දාගමනය චිත්‍රපටය නොදුවන මොහොතක සෝමරත්න දීසානායක මුදල් අයකොට මහින්දාගමනය චිත්‍රපටයට පාසල් ළමුන් ගෙන්වා දී ඇත. මේසදහා සෝමරත්න දිසානායක ලක්ෂ හතලිහක මුදලක් අයකොට ලේකම්වරයාට ලක්ෂ පහකුත් විදුහලපතීවරුන්ට BLACK ලේබල් විස්කි බෝතල්ද  දී ඇත.

වර්තමානයේ සෝමරත්නගේ නවතම චිත්‍රපටය පන්සියපනස් ජාතකය මුල්කොට නිර්මාණය කරනවා යැයී කියා නැවත අහිංසක පාසල් ළමුන්ගෙන් මුදල් ගසා කෑම ආරම්ඹ කොට ඇත. මෙසේ පාසල් ළමුන් සිනමා ශාලා වෙත යැවීමට අධ්‍යාපන  අමාත්‍යංශයේ ලේකම්වරයා චක්‍රලේකන පවා යවන අතර ළමයින්ට දෙමවුපියන්ගෙන් මුදල් ඉල්ලාගෙන ඒමද අනීවාර්ය කරයී. මෙවර චිත්‍රපටය පන්සියපනස්ජාතක පොතේ කුස ජාතකය ඇසුරුකොට තනා ඇත. මෙහි කතාවට අනුව කුස රජ බිරිද  හමුවන්නේ රාත්‍රීයේ  කලුවරේය තවද පොකුණේ සැගව බිරිදගේ පස්සා මිරිකීම ආදී පාසල් ළමුන්ට නුසුදුසු කරුණු ඇතුලත් කුස කතාව වැඩිහිටියන්ට මුදල් දී නැරබීම සුදුසු වුවද ළමයින්ට එය අධ්‍යාපන කටයුතුවලට කෙසේ වැදගත්ද යන්න සිතා බැලිය යුතු කරුණකී.

මෙම සියලු ව්‍යාපාරික කටයුතු සාදාරනීකරණය කිරීමට සෝමරත්න දිසානායක කළා වෙළෙන්දා භාවිතා කරන්නේ 'ප‍්‍රසිඩ්න්ට්' කිව්වා කියාය. සියලු රහස්පොලිසි ඔත්තු සේවා තිබියදී තමන්ගේ නාමය භාවිතා කොට අමනයන්ට වෙලදාම් කිරීමට මහින්ද ඉඩ දීමෙන් සිදුවන්නේ මහින්දගේ අවසානයට මහින්දම අනුමැතිය දීමයී. හිතවත් මහින්ද දැන්වත් කලාවේ නාමයෙන් කෙරෙන අවලම් වැඩ නවත්වන්න. ඔබේ අවලම් වැඩ නැවැත්විය නොහැකි එකේ අඩුමතරමේ අනිත් එවුන් කරන දෙයවත් නවත්වන්න .

Posted by Ravaya on 12:42 AM. Filed under . You can follow any responses to this entry through the RSS 2.0. You can leave a response or trackback to this entry

0 comments for "සෝමරත්නගේ චිත්‍රපටයට පාසල් ළමුන් සිනමා ශාලාවලට එවන්න අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයාට පගාව"

Leave a reply