ශාන්ත මව්බිමෙන් දොට්ට. සංජයටත් විනය පරීක්‍ෂණ

'ලංකා ඊ නිව්ස්' වෙබ් අඩවියෙන් මව්බිම පුවත්පතට එක්වූ දේශපාලන වාර්තාකරුවෙකුවන ශාන්ත විජේසූරිය මහතා අද (24) මව්බිම පුවත්පතෙන් ඉවත් කොට ඇති අතර එම වෙබ්අඩවියෙන් ‘මව්බිමට එක්වූ ඡායාරූප ශිල්පී සංජය දසනායක මහතාට එරෙහිවද විනය පරික්‍ෂණයක් ආරම්භ කර තිබේ.

ජෙනරාල් නිදහස්කරගැනීමේ ජාතික ව්‍යාපාරයේ මෙහෙයුම් කාර්යාලය විවෘත කිරීමේ උත්සවය ආවරණය කිරිමට යාම සංජය දසනායක මහතාට එල්ලවී ඇති චෝදනාව වේ.

පසුගිය 10 වනදා ඇතුල් කෝට්ටේදී ජෙනරාල් සරත් ෆොන්සේකා නිදහස් කරගැනීම සඳහා වූ මෙහෙයුම් කාර්යාලයක් පූජ්‍ය මාදුලූවාවේ සෝභිත හිමියන් විසින් විවෘත කරනු ලැබූ අතර එම අවස්ථාව ආවරණය කර දෙන ලෙස අනෝමා ෆොන්සේකා මහත්මිය සංජයගෙන් ඉල්ලීමක් කර ඇත.

කෙසේ වුවද මෙවැනි කාර්යාලයක් විවෘත කිරීම, ජෙනරාල් නිදහස් කරගැනීම සඳහා තමා ජනාධිපතිවරයා අතර සාකච්ඡාවලට බාධාවක් බව පවසා එම කාර්යාලය විවෘත කිරීමේ උත්සවය වර්ජනය කළ ‘මව්බිම’ පුවත්පතේ හිමිකරු, පාර්ලිමේන්තු මන්ත‍්‍රී ටිරාන් අලස් මහතා, පසුව එම කාර්යාලය දිනක් ඇතුලත වසාදැමීමටද බලපෑම් කළේය.

කෙසේ වුවද තමා විසින් වර්ජනය කරනු ලැබූ එම කාර්යාලය විවෘත කිරීමේ උත්සවයට ‘මව්බිම’ පුවත්පතේ ඡායාරූප ශිල්පියා සහභාගී වී ඇත්තේ කාගේ අවසරයක් මතදැයි ටිරාන් අලස් මන්ත‍්‍රීවරයා, එම පුවත්පත් ආයතනයේ කර්තෘ මණ්ඩල අධ්‍යක්‍ෂ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී තුෂාර ගුණරත්න මහතාගෙන් විමසා ඇති අතර ඒ පිළිබදව වහාම නිදහසට කරුණු විමසන ලෙසද නියෝග කර තිබේ.

ඒ අනුව එම උත්සවය වාර්තා කිරීමට යාම පිළිබදව නිදහසට කරුණු ලිඛිතව ලබාදෙන ලෙස තුෂාර ගුනරත්න මහතා සංජය දසනායක මහතාට දැනුම්දි ඇත.

තමා එම උත්සවය ආවරණය කිරීමට ගියේ අනෝමා ෆොන්සේකා මහත්මියගේ ඉල්ලීම මත බවත්, ‘මව්බිම’ සභාපති ටිරාන් අලස් මහතා ෆොන්සේකා මහතාගේ පක්‍ෂයේ ලේකම්වරයා බැවින් එම කාර්යාලය විවෘත කිරිම ආවරණය කිරිමට යන බව කිසිවෙකුට නිලවශයෙන් නොදැන්වූ බවත් දසනායක මහතා මෙහිදී ප‍්‍රකාශ කර තිබේ.

බෙනට් රූපසිංහ, ශාන්ත විජේසූරිය මෙන්ම සංජය දසනායකද මීට පෙර සේවය කළේ ලංකා ඊ නිවිස් වෙබ් අඩවියේ කර්තෘ මණ්ඩල සාමජිකයන් ලෙසය.

එම තත්ත්වය යටතේ ‘මව්බිම’ පුවත්පතට හා ටිරාන් අලස් මහතාට එරෙහිව මේ වනවිට ‘ලංකා ඊ නිව්ස්’ වෙබ් අඩවියේ පළවන ප‍්‍රවෘත්ති එම වෙබ්අඩවියට ලබාදෙන්නේ ශාන්ත සහ සංජය විසින් බවට එම ආයතනයේ පාලකයින්ගෙන් චෝදනා එල්ලවී තිබේ.

පුවත්පත් ආයතනයේ ලැප්ටොප් පරිගනක යන්ත‍්‍රයක් භාවිතා කරන සංජය දසනායක මහතා, කාර්යාලයේ අහුමුලූවලට ගොස් ‘ලංකා ඊ නිවිස්’ වෙබ් අඩවියටත් වෙනත් මාධ්‍ය ආයතනවලටත් ‘මව්බිම’ පුවත්පතට ලැබෙන ප‍්‍රවෘත්ති හා ඡුායාරූප ලබාදෙන බවට ‘දිවයින’ පුවත්පතෙන් ‘මව්බිමට’ එක්වූ ජනිත සෙනවිරත්න මහතා තුෂාර ගුණරත්න මහතාට දැනුම්දී තිබේ.

මෙම තත්ත්වය යටතේ ආයතනයේ තොරතුරු වෙබ්අඩවිවලට ලබාදෙන පුද්ගලයන් පිළිබදව සොයාබැලිම සඳහා ටිරාන් අලස් මන්ත‍්‍රීවරයා විසින් ඔත්තුකරුවන් යොදවා ඇත.

එම තත්ත්වය යටතේ ‘මව්බිම’ ඡායාරූප ශිල්පී සංජය දසනායක මහතාගේද රැුකියා අනතුරට ලක්වී තිබේ.

පසුගිය පුවත් -
- මව්බිමේ ශාන්ත සේවයෙන් නෙරපීමට යයි
- ටිරාන්ගේ නියෝගකින් ජෙනරාල්ගේ කාර්යාලය වැසේ
- ජෙනරාල් නිදහස් කරගැනීමේ සටනට පොල්ලක්

Posted by Ravaya on 8:25 PM. Filed under . You can follow any responses to this entry through the RSS 2.0. You can leave a response or trackback to this entry

0 comments for "ශාන්ත මව්බිමෙන් දොට්ට. සංජයටත් විනය පරීක්‍ෂණ"

Leave a reply