පුරාවිද්‍යාවේ ටෙන්ඩර් ගැහිල්ලක්
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ මධ්‍යම පළාත් ටෙන්ඩර් කමිටුව විසින් මධ්‍යම පළාතේ විහාරස්ථාන පිළිසකර කිරීම සඳහා සහ 2012 දැයට කිරුළ වැඩසටනට සමගාමීව මිහින්තලය ඇතුළු අනුරාධපුරයේ ඇතැම් විහාරස්ථාන පිළිසකර කිරීම සඳහා දැව සැපයීමේ ටෙන්ඩරය ටෙන්ඩර් මණ්ඩල සාමාජිකයකුගේ ළඟම ඥාතියකුට ලබාදී ඇති බව වාර්තා වෙයි. දැව සැපයීමේ ටෙන්ඩරය ලබාදී ඇත්තේ මහනුවර පුරාවිද්‍යා ප‍්‍රාදේශීය සංරක්ෂකයකු වන ටෙන්ඩර් කමිටු සාමාජික ඞී.එම්.බී.ජේ.බී. දිසානායක නමැත්තාගේ නැගණියගේ ස්වාමිපුරුෂයාට අයත් කේසර කන්ට‍්‍රක්ෂන් නම් ආයතනයට වන අතර එම ටෙන්ඩරයේ වටිනාකම රුපියල් ලක්ෂ 50කට අධික බවද වාර්තා වෙයි.මොවුන් මිල ගණන් ඉදිරිපත් කර ඇත්තේ මී දැවවලට වන නමුත් සපයනු ලබන්නේ මී දැව නොවන ප‍්‍රමිතියෙන් තොර දැව බවටද වාර්තා වෙයි.
මීට අමතරව වැඩබිම්වල සේවාවන් සඳහා කම්කරුවන් සැපයීමේ ටෙන්ඩරයද ලබාදී ඇත්තේ කේසර කන්ස්ට‍්‍රක්ෂන් ආයතනයටයි. ඒවායේ සේවකයන් 40ක් කම්කරුවන් ලෙස වැඩ කරන අතර ඔවුනට ගෙවන මුළු මුදල රුපියල් ලක්ෂ 20කි.
එමෙන්ම මිහින්තලය විහාරයේ ඇතැම් කාර්යයන් සඳහා කිලෝ ග‍්‍රෑම් 1000ක ධාරිතාවක් සහිත වාහනයක් ලබාගැනීමට ටෙන්ඩර් කැඳවා තිබු අතර ඒ සඳහා ව්‍යාජ ලේඛන සකස් කොට කිලෝග‍්‍රෑම් 730ක පමණ ධාරිතාවක් ඇති VPLG - 5442 දරන ඩිමෝ බට්ටා රථයක් ඉදිරිපත් කර ඇති ටෙන්ඩර් කමිටු සභාපති මහනුවර කලාපයේ නියෝජ්‍ය පුරාවිද්‍යා අධ්‍යක්ෂ ධනසූරියගේ ඩොනල්ඞ් විජේපාල යන තැනැත්තාගේ සහෝදරියට ටෙන්ඩරය ලබාදී ඇත. එම රථය සඳහා දිනක කුලිය රුපියල් 3500කි.
පසුගිය දෙසැම්බර් 29 වැනිදා මිහින්තලය විහාරයේ පොහොය ගෙය සඳහා යොදා තිබී හිමින්තල විහාරයේ විහාරාධිපති හිමියන් විසින් ගලවා ඉවත් කරන ලෙස නියෝග කරන ලද බාල දැව තොගය සැපයීමද මේ ටෙන්ඩර් වංචාව සමඟ සම්බන්ධ බවද වාර්තාවෙයි. මධ්‍යම පළාතේ පමණක් සිදුවී ඇති ටෙන්ඩර් වංචාවේ වටිනාකම රුපියල් කෝටියකට අධික බවත් වාර්තා වෙයි.
මෙම ටෙන්ඩර් වංචාව 2006 වසර තරම් ඈතක සිට සිදුවන්නක් බවත් ගිය වසරේ කඩුගන්නාවේ ඩෝෂන් කුලූන පිළිසකර කොට තීන්ත ආලේප කිරීමට රුපියල් ලක්ෂ 9ක් වටිනා ටෙන්ඩරය ලබාදී ඇත්තේද කේසර කන්ස්ට‍්‍රක්ෂන් ආයතනයට වන අතර එහිදී පලංචි සවිකිරීම සඳහා භාවිත කොට ඇති යකඩ බට හා සේවකයන් ලබාගෙන ඇත්තේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් කුලියට වන බවත් ඒ පිළිබඳ ඇමතිවරයාට පාව පැමිණිලි කර ඇත්ත, මේවන තෙක් කිසිදු පියවරක් ගෙන නොමැති බවත් වාර්තා වෙයි.
මහනුවර ටෙන්ඩර් මණ්ඩල සාමාජිකයන්ගේ මෙම ක‍්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් පුරාවිද්‍යා කොමසාරිස් ආචාර්ය සෙනරත් දිසානායක මහතාගෙන් කළ විසීමකදී ඒ මහතා ප‍්‍රකාශ කළේ ඒ පිළිබඳ පැමිණිලි ලැබී ඇති බවත් මේ වනවිට පරීක්ෂණ කිහිපයක් පැවැත්වෙන බවත්ය.
රාවය













0 comments for "පුරාවිද්‍යාවේ ටෙන්ඩර් ගැහිල්ලක්"