සොරගුණේ හෝටල් ව්‍යාපෘතිය හොර රහසේම යළිත්

මධ්‍යම පරිසර අධිකාරියේ, වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඌව පළාත් ප‍්‍රධාන අමාත්‍යවරයා, සොරගුණේ කුඩා කතරගම දේවාලේ බස්නායක නිලමේවරයා ඇතුලූ ප‍්‍රදේශවාසීන් ඊට විරුද්ධවීම හරහා ව්‍යාපෘතිය නැවතුණි. එහෙත් හෝටල් ව්‍යාපෘතීන්ට නැවතත් හොර රහසේම මේ මස 15දා මුල්ගල තැබීමට කටයුතු කරමින් ඇති බව පරිසර යුක්ති කේන්ද්‍රයේ සභාපති හේමන්ත විතානගේ මහාත ප‍්‍රකාශ කරයි.
මෙම භූමි භාගයට යාබදව ඇත්තේ වේලි ඔය ව්‍යපාරයයි. එම ව්‍යාපාරය හරහා දැනට ගොඩ සහ මඩ ඉඩම් අක්කර 4500කට වැඩි ප‍්‍රමාණයක් වගාකරන අතර ගොවි පවුල් 5000කට අධික ප‍්‍රමාණයක් යැපේ. ඊට අමතරව විශාල පිරිසක් වේලි ඔය ගඟ පදනම් කරගෙන සියලූ ජල අවශ්‍යතා සපුරා ගනී. අදාළ වේලි ඔය ගඟ පෝෂණය කල්කනි ඔය හා දෙමට ආර ඔය ආරම්භ වන්නේ අදාළ දේවාල භූමිය තුළිනි. මේ හරහා වේලි ඔය ගඟ සිදී යාමට ඉඩ ඇත. මේ පිළිබඳව වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් අදාළ යෝජනාව නවත්වන ලෙස දන්වමින් අදාළ සමාගමට සහ මධ්‍යම පරිසර අධිකාරියට 19.10.2011 දින අධ්‍යක්ෂක වයි.අබ්දුල් ජේඞ් මහතාගේ අත්සනින් ලිපි යොමු කර ඇත.
මේ පිළිබඳව පරිසර යුක්ති කේන්ද්‍රයේ සභාපති හේමන්ත විතානගේ මහතා ප‍්‍රකාශකර සිටියේ මේ පිළිබඳව තම ආයතනය විසින් මධ්‍යම පරිසර අධිකාරියට සහ වාරිමාර්ග දෙපාර්තමේන්තුව වෙත දන්වා සිටි බවත් ඉන් පසු වාරිමාර්ග දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය විසින් අදාළ යෝජනාව නිර්දේශ නොකිරීම හරහා ව්‍යපෘතිය අතරමග නවතා දැමූවද මේ මස 15දා එම ව්‍යාපෘතිය සඳහාම මුල් ගල තැබීමට කටයුතු සැලසුම්කර ඇති බවත් මේ හරහා පරිසයට හා වේලි ඔය ව්‍යාපෘතියට දැඩි තර්ජනයක් වනබවත්ය. ඒ මහතා වැඩි දුරටත් ප‍්‍රකාශ කළේ අදාළ දේවාල භූමි තුළ අලි, කොටි, දිවියන් වැනි සත්තුන්ට අමතරව වලසුන් පවා ජීවත්වන බවය. මෙලෙස මහජනතාවගෙත්, අදාළ අධිකාරිවල නිර්දේශයත් පවා නොතකා හරිමින් අදාළ සමාගම කටයුතු කරන්නේ රජයේ යම් මැදිහත් වීමක් සහිතව වියහැකි බව ප‍්‍රකාශ කළේය.
මේ පිළිබඳව මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති චරිත හේරත් මහතාගෙන් විමසීමක් කළ විට ඔහු ප‍්‍රකාශ කළේ තම අධිකාරිය විසින් අදාළ යෝජනාව ප‍්‍රතික්ෂේප කළ බවයි. එම යෝජනාවට අනුව කාමර 5000ක් සමන්විත හෝටලයක් ඉදිකිරීමටත් ගෝල්ෆ් පිටි දෙකක් ඉදිකිරීමට යෝජනා වී තිබු බවත් ඒ හරහා වේලි ඔය ගඟ ඇතුලූව පරිසර පද්ධතීන් ගණනාවකටම දැඩි තර්ජනයක්වන හේතුවෙන් සහ එම භූමිය පුරාවිද්‍යා වටිනාකමකින් යුත් නින්ද ගමක් හේතුවෙන් ප‍්‍රතික්ෂේප කළ බවයි.
සොරගුණේ දේවාලයේ බස්නායක නිලමේ වන ජනක රවීන්ද්‍ර මහතා අදාළ සමාගම වෙත 21.02.2011 දින තම විරුද්ධත්වය ප‍්‍රකාශ කරමින් ලිපියක් මගින් දන්වා ඇති අතර මේලෙස නැවතත් අදාළ ව්‍යාපෘතිය ආරම්භ කිරීම සම්බන්ධව ඒ මහතා ප‍්‍රකාශ කර සිටියේ දේවාල භූමියේ ගෞරවයට මෙමගින් හානිවන බවත් තමන්ගේ හා ප‍්‍රදේශවාසීන්ගේ විරුද්ධත්වය නොතකා කටයුතු කිරීම වහාම නැවැත්විය යුතු බවත්ය. එලෙසම අදාළ භූමිය තුළ විශාල වශයෙන් පුරා වස්තු හා නිධාන ඇති බැවින් රජය හා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් අදාළ ඉදිකිරීම් වහාම නැවැත්වීමට කටයුතු කළ යුතුබවද ඔහු වැඩිදුරටත් ප‍්‍රකාශ කළේය.
රාවය












0 comments for "සොරගුණේ හෝටල් ව්‍යාපෘතිය හොර රහසේම යළිත්"