ජනපති ඥාති පුතු ගැන පරීක්ෂණ යට ගසයි
තිඹිරිගස්යාය රාත‍්‍රී සමාජ ශාලාවකට පැමිණි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සහෝදරයකුගේ පුත‍්‍රයකු හා ඔහුගේ පෞද්ගලික ආරක්ෂකයන් විසින් එම සමාජ ශාලාවේ ආරක්ෂක නිලධාරියකුට පිස්තෝලයකින් පහරදී දේපළවලට අලාභහානි කිරීම සම්බන්ධයෙන් වූ පොලිස් පරීක්ෂණ යටගසමින් පවතින බව වාර්තා වෙයි.ජනාධිපතිවරයාගේ සහෝදරයකු වන චන්ද්‍රා රාජපක්ෂ මහතාගේ පුත‍්‍රයකු වන චමින්ද රාජපක්ෂ නමැත්තා තවත් පිරිසක් සමඟ පසුගිය දෙසැම්බර් 30 වැනිදා අලූයම 2.30ට පමණ තිඹිරිගස්යාය ප‍්‍රදේශයේ පිහිටි රාත‍්‍රී සමාජ ශාලාවකට පැමිණ ඇති අතර ඔහු ඇතුලූ පිරිස සමාජ ශාලාවෙන් ලබාගත් සේවාවන් සඳහා ගෙවිය යුතුව තිබූ රුපියල් 51,000ක මුදල නොගෙවා පිටවීමට උත්සාහ දරා ඇත.
ඒ අවස්ථාවේදී සමාජ ශාලාවේ කළමනාකාරීත්වය තමන්ට අයවිය යුතු මුදල ගෙවා පිටවන ලෙස ප‍්‍රකාශ කර ඇති අතර ඒත් සමඟම රාජපක්ෂ පුත‍්‍රයා ඇතුලූ පිරිස සමාජශාලාව තුළ කෝලාහල කරමින් එහි දේපළවලට දැඩි ලෙස අලාභ හානි සිදුකොට ඇත.
කලබල කරන පිරිස සමාජ ශාලාවෙන් පිටතට ගෙන යෑමට උත්සාහ කරන ලද සමාජ ශාලාවේ ආරක්ෂක නිලධාරියකුට චමින්ද රාජපක්ෂ නමැත්තාගේ පෞද්ගලික ආරක්ෂකයකු විසින් පිස්තෝලයකින් හිසටත් මුහුණටත් කිහිපවරක් දැඩිව පහරදී ඇති අතර පහරකෑමට ලක්වූ නිලධාරියා කොළඹ ජාතික රෝහලෙන් ප‍්‍රතිකාර ලබා ඇත. ඔහුගේ උගුර, කන, නාසය ආශ‍්‍රිත අභ්‍යන්තර රුධිර වහනයක් සිදුව ඇති අතර කට ඇරීමටද අපහසු බව වෛද්‍ය වාර්තාවල සඳහන් වේ.
ගරාජ් අංක සහිත විෆෙන්ඩර් රථයකින් සහ කැබ් රථයකින් පැමිණි මෙම පිරිස සමාජ ශාලාවට කැඳවාගෙන විත් ඇත්තේ ජනාධිපති ප‍්‍රචාරක ලේකම්වරයකුගේ රියැදුරකු විසිනි.
පහරදීම සිදුවන ආකාරය සමාජ ශාලාවේ කැමරාවල සටහන් ඇති අතර එය ජනාධිපති ලේකම් කාර්යාලය වෙතද බම්බලපිටිය පොලීසිය වෙතද ලබා දී ඇත.
සමාජ ශාලාවට චමින්ද රාජපක්ෂ නැමැත්තාගෙන් අයවිය යුතු රුපියල් 51,000ක මුදල මේ වන තෙක් ගෙවා නොමැති අතර සිද්ධිය පිළිබඳ පැමිණිලි අංක GCEB 387/365 යටතේ බම්බලපිටිය පොලිසියට පැමිණිල්ලක්ද කර තිබේ.
වාර්තාවන අන්දමට කිසිදු සැකකරුවකු මේවන තෙක් අත්අඩංගුටව ගෙන නොමැති අතර මේ සම්බන්ධ පොලිස් පරීක්ෂණවල තත්ත්වය දැනගැනීමට බම්බලපිටිය පොලිසියේ ස්ථානාධිපතිවරයා සම්බන්ධ කර ගැනීමට දැරූ උත්සාහය ව්‍යර්ත විය.
කොළඹ දකුණ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සංජීව ධර්මරත්න මහතාගෙන් මේ පිළිබඳ විමසීමට කටයුතු කළ අතර ඔහු ප‍්‍රකාශ කළේ සිද්ධිය පිළිබඳව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතාගෙන් විමසන ලෙසයි.
- රාවය













0 comments for "ජනපති ඥාති පුතු ගැන පරීක්ෂණ යට ගසයි"