චන්ද්‍රිකා ට වැරදුන තැන.
2005 ජනාධිපතිවරණය ආපු හැටි, මහින්ද අපේක්ෂකයා වු හැටි, අනුර කැපුණු හැටි, ඔබ, අප නොදන්නා, ගුරුන්ටත් අකුරු වැරදුනු තැනක් ගැන බව ඔබ දාන්නවාද ?.චන්ද්‍රිකා මැතිනිය තම කාල සීමාවට වසරකට පෙර ජනාධිපතිවරණය ගෙනාවෙ පසු සැලසුමක්ද ඇතිවය. මෙහිදී තම කාලය වසරක් තිබියදී මැතිවරණය කැදවුෙය්. තම බණ්ඩාරනායක නාමය තවදුරටත් ලංකාවේ එදිරියට ගෙන යාමටය. සරත් සිල්වා සහ චන්ද්‍රිකා එකල ලගින්ම සිටි දෙදෙනාය. සරත් සිල්වා, චන්ද්‍රිකා ට අවශ්‍ය ඕනෑම දෙයක් නිතිය බල්ලට දමා කල බව ඔබ අප දන්නා කරුණකි. චන්ද්‍රිකා ගේ සැලැස්ම, මුලින් මහ ඡන්දය පවත්වා පසුව ජනාධිපති වරණය පැවැත්වීමටය. සැලැස්මට අනුව චන්ද්‍රිකා ජනාධිපති අපේක්ෂක ලෙස මහේන්ද්‍ර පර්සි රාජපක්ෂ වත් අගමැති අපේක්ෂක ලෙස තම මලනුවන් වන අනුර බණ්ඩාරනායක වත් පත් කළ චන්ද්‍රිකා, මුලින්ම මහ ඡන්දය (පාර්ලිමේන්තු මැතිවරණය) පැවැත්වීමට විදිවිධාන දෙන ලදී. CBK ගේ සැලැස්ම වුෙය්, මහ ඡන්දය (පාර්ලිමේන්තු මැතිවරණය) ගොස් එයින් අනුර JVP සහයද ඇතුව මුළු ලංකාවෙන්ම වැඩිම මනාප ගන්න අගමැති අපේක්ෂකයා කර නිදහස් පක්ෂය තුල ජනප්‍රිය සහ බලය ඇති කෙනෙක් බවට ගෙන ඒමය. සැලැස්මට අනුව, අනුර මෙසේ උඩට ගෙන එද්දි, ජනාධිපති අපේක්ෂක මහින්ද ට සිදු වන්නේ අනුර ගේ මහ ඡන්දය (පාර්ලිමේන්තු මැතිවරණය) වෙනුවෙන් කඩේ යාමයි.
සැලැස්මට අනුව, මහ ඡන්දය (පාර්ලිමේන්තු මැතිවරණය) ජය ගැනීමෙන් පසුව ශ්‍රී ලංකා නිදහස්පක්ෂය සහ පෙරමුණ තුල අනුර, මහින්දට වඩා බලවත් සහ ජනප්‍රිය බවට මතයක් ගෙන ඇවිත්, එනිසා ම ජනාධිපති අපේක්ෂක කම, ඡන්දය දිනන්නටනම් අනුරට දියුතු බවත්ය. පසුව අනුර ජනාධිපති අපේක්ෂක ලෙස සැමගේ ආශීර්වාදය මැද අනුර බණ්ඩාරනායක ඔටුනු හිමි කුමරා රජ කරවිමයි.
නමුත් ලංකාවේ නීතිය කාපු ගොන් - බඩු සරත් සිල්වා, නොහොත් එවකට CJ සරත් සිල්වා මහින්ද ගේ ගුලිය කා, තමන් ව CJ කරපු චන්ද්‍රිකාව අමතක කර, 2010 දී අගමැති වීමේ සිහිනය නිසා, චන්ද්‍රිකාගේ කාලය වසරකට පෙර නිමවිය යුතු බව ට තීන්දුවක් ලබාදෙන ලදී. සරත් ගේ තීරණය නිසා, සියලුම සැලසුම් සුන් විසුනු වු අතර, චන්ද්‍රිකා ට පළමුව ජනාධිපති වරණයක් පැවැත්වීමට සිදුවිය. මහින්ද සියලු දෙනාම අන්දවා JVP ය ඇතුළුව, තම ජය ලබාගත්තාය. 2005 ජනාධිපතිවරණයෙදී ප්‍රධානම සාදකය වුයේ ජනතා විමුක්ති පෙරමුනයි (JVP). මහින්ද JVP එක ලස්සනට කඩේ යැවුවාය. දළදා මන්දිරය ඉදිරි පිට අත්සන් කල ගිවිසුමි කිසිම හිරිකිතයකින් තොරව කඩා දමා (කොන්ඩෝම් තියරි ) පක්ෂයද දෙකට කඩා දැමුවාය. දුන් කිසිම පොරොන්දුවක් ඉටුනොකළ මහින්ද. JVP එකේ පස්සට පයින් ගසා JVP එක එලවා දැම්මාය. 2005 දී රට ගලවා JVP එක, අද එහි සියලුම් ගෞරවය මෝඩ රජ මහින්දට දී උඩබලාගෙන හිදී, ඇත්තටම මහින්ද කල කෙන්ගෙඩියක් නැත. එකල JVP ය 3 වන පාර්ශවය හැටියට රටට හිත ඇති ජනතාවාදී තීරණ ගත් පක්ෂයකි. (JVP අවදීවවු)
තම අක්කාගේ වැරදුනු සැලසුම නිසා බලවත් ලෙස තව තවත් බීමට ඇබ්බැහි වු ඔටුනු හිමි අනුර කුමරා, අවාසනාවන්ත ලෙස මෙලවින් සමු ගත්තාය. අනුරගේ අඩුව අද අපට පක්ෂ බේදයකින් තොරව දැනෙන්නේ ඔහු සබැ ප්රජතන්ත්රවාදියකු වන නිසාය. අද විපක්ෂයේ සිටින සෑම මන්ත්‍රීවරයකුට ම ඔහු ආදර්ශයකි. මක් නිසාද යත්, අනුර ප්රජතන්ත්රවාදය වෙනුවෙන් දිවි හිමියන් කටයුතු කරන නිසාය. වැරදි දේ නොබියව විවෙචනය කරන සබැ ජනතා වාදී දේශපාලන නායකයකු නිසාය.
අනුරගේ ඇද යට නිදාගත් මහින්ද, අනුරගේ නායක වු විට ද අනුර ප්රජතන්ත්රවාදය වෙනුවෙන්, සෑම දේම උපේක්ෂාවෙන් දරා ගත්තාය. පසුව තම මවගේ ආරක්ෂක (PC) ව සිටි චමල් ද කථානායක වුවාය. තමන්ට කන්න නැති විට දී ලොකු අයියට PC කමදීලා මහින්දව ගෙදර තියාගෙන කන්ද දීපු, බණ්ඩාරනායක පවුලට ඇරපු මහින්ද අනිත් අයට අරින එක ගැන පුදුම විය යුතු නැත, රාජපක්ෂ පවුල කිසිම කෙනෙක් හැදෙනවට ඊරිසියාය (ලොව ඇති ඊරිසියාකාරම පවුල මහින්ද රාජපක්ෂ පවුලය). සරත් සිල්වාට සිදු උනෙත් ඒ ටික මය. මහින්ද 2005 දී සරත් ට කිවේ 2010 ජනාධිපතිවරණයේ දී සරත් ව අගමැති කරන බවත් ය. එනිසා චන්ද්‍රිකාට එරෙහිව තිරනය දෙනලෙසය. සරත් ඒ සදහා මහින්දව තව තවත් සැනසීමට තවත් වැරදි තීන්දු ලබදුන්නාය. (උදා - වොටෙර්ස් එජ්, රක්ෂණ සංස්ථාව) නමුත් සුපුරුදු මහින්ද, 2010 ජනාධිපති වරණයේ දී සරත් සිල්වාට කොකා පෙන්නුවාය. කුපිත වු සරත් සිල්වා, සරත් ෆොන්සේකාට සහය දුන්නාය. ලංකාවේ නිතිය බල්ලට දැම්මේ ගොන් - බඩු සරත් සිල්වා ය. සරත් ඔබට N සුව.
ඇත්තටම මහින්ද කල කෙන්ගෙඩියක් නැත.... seriously ???
may be i forgot ..... may be all LTT carders including prabhakaran commit suicide for the sake of peace
මේක අතේ පැලවෙන කෙප්පයක් !තනිකරම හොරගොල්ලට
කඩේ යන එකෙක් ගේ කෙබරයක්!මහින්ද තමයි යුද්දයේ
පහන් ශිල.ප්රභාකරන් පිච්චිලා මරුනේ ඒ ගින්දරට ,මේ පහන් ශිල
දල්වපු ඉන්දනය jvp එක .එතනදී මම එකඟයි !අනුර ජනාදිපති
උනානම් ප්රභාකරන් ට ලංකාවේ සිරස ලැබෙනවා.