නිදන් නාමල් ගේ මැර සභාපති ට රණවිරු සරත් ෆොන්සේකාට නැති අධිකරණ නියෝග

2011 නත්තල් දා තංගල්ල මැඩිල්ල නේචර් රිසෝට්‌ සංචාරක හෝටලයේදී බ්‍රිතාන්‍ය පුරවැසියකු ඝාතනය කිරීමේ හා රුසියන් තරුණියකට තුවාල කිරීමේ නඩුවේ සැකකරුවකු ලෙස රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටින තංගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති සම්පත් චන්ද්‍රපුෂ්ප විදානපතිරණ මහතාගේ ප‍්‍රධානත්වයෙන් තංගල්ල ප‍්‍රාදේශීය සභාව ඊයේ (26 දා) පැවැත්විණි.

බන්ධනාගාර නිලධාරීන්ගේ සහ පොලිසියේ දැඩි ආරක්‍ෂාව මත සභාපතිවරයා, පෙ.ව. 10.30 ට පමණ බන්ධනාගාර බස්‌රියකින් තංගල්ල ප්‍රාදේශීය සභාවේ මාසික සභා රැස්‌වීමට සහභාගි විය. රක්‍ෂිත බන්ධනාගාර ගතකර සිටි සභාපතිවරයා අධිකරණ නියෝගයක්‌ මත මෙම රැස්‌වීමට සහභාගි විය.

නෙටොල්පිටිය නගරයේ පිහිටි තංගල්ල ප්‍රාදේශීය සභා රැස්‌වීම් ශාලාවේ පැවැති මෙම මාසික සභා රැස්‌වීමට එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ මන්ත්‍රීවරු 09 දෙනාත්, විපක්‍ෂයේ එක්‌සත් ජාතික පක්‍ෂ මන්ත්‍රීවරු තිදෙනාත් සහ ජනතා විමුක්‌ති පෙරමුණේ මන්ත්‍රීවරයාත් සහභාගි වූහ. සභා රැස්‌වීම ප. ව. 3.00 දක්‌වා පැවැත්විණි.

Posted by Ravaya on 2:00 PM. Filed under . You can follow any responses to this entry through the RSS 2.0. You can leave a response or trackback to this entry

0 comments for "නිදන් නාමල් ගේ මැර සභාපති ට රණවිරු සරත් ෆොන්සේකාට නැති අධිකරණ නියෝග"

Leave a reply