විවාහ කරගන්නා බවට පොරොන්දු වී ගුරුවරියකගේ ලක්ෂ 4කට විදලා

ගුරුවරියක් විවාහ කරගන්නා බවට පොරොන්දු වී ඇයගෙන් රුපියල් ලක්ෂ හතරක් ලබාගෙන පසුව ඇය මගහැර සිට මුදල් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මාතර පොලීසියට කරන ලද පැමිණිල්ලක් මත පරික්ෂණ ආරම්භ කොට ඇත. මාතර මාකාවිට ප‍්‍රදේශයේ තරුණියක් මෙම පැමිණිල්ල කරතිබේ.

එක්තරා පුවත්පතක මෙම තරුණියගේ පාර්ශ්වයෙන් පළ කරන ලද මංගල දැන්වීමක් මත පුද්ගලයකු විසින් දුරකථන මාර්ගයෙන් සම්බන්ධ වී පසුව දෙදෙනා කතාබස් කොට දැන හදුනගෙන ඇත.

තමා ඉමදුව පදිංචි බවද බැංකුවක සේවය කරන බවද පවසා ඇති මෙම පුද්ගලයා දිනක් තම බැංකුවේ මුදල් ප‍්‍රශ්නයක් ඇති වී ඇති බැවින් යම් ගිණුම් අංකයකට මුදල් බැර කරන ලෙසට අදාල ගුරුවරියට පවසා ඇති අතර ඇය විසින් රුපියල් ලක්ෂ 3ක් සහ නැවත රුපියල් ලක්ෂයක් බැගින් දෙවරකට අදාල ගිණුමට රුපියල් ලක්ෂ 4ක් බැර කර ඇත.

පසුව මෙම පුද්ගලයා දන්වා ඇත්තේ මාතර බෝධිය ළගට පැමිණෙන බවය. මේ අනුව ඇය එම ස්ථානයට ගියද ඔහු පැමිණ නැත. පසුව ඇය මෙම පුද්ගලයා සේවය කරන බවට පවසා ඇති බැංකුවට ඇමතුමක් දුන්නද එවැන්නකු නැතැයි මාතර බැංකු ශාඛාවෙන් පවසා ඇත. පසුව ඇයට වැටහී ඇත්තේ මෙම පුද්ගලයා තමාට වංචා කොට ඇත බවය.

Posted by Ravaya on 3:05 AM. Filed under . You can follow any responses to this entry through the RSS 2.0. You can leave a response or trackback to this entry

0 comments for "විවාහ කරගන්නා බවට පොරොන්දු වී ගුරුවරියකගේ ලක්ෂ 4කට විදලා"

Leave a reply