එංගලන්තයේ සරසවිවලට සිසුන් යවන බව පවසා ලක්ෂ 25ක් වංචා කරලා

උසස් අධ්‍යාපනය ලබාගැනීමට එංගලන්තයේ උසස් විශ්ව විද්‍යාලයකට ඇතුළත් කරන බව හා ශිෂ්‍ය වීසා ලබාදෙන බව පවසා පුද්ගලයන් තිදෙනෙකුගෙන් රුපියල් 29,10,000 (විසිනවලක්ෂ දසදහසක්) වංචා කලේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කොට තිබූ කාන්තාවක් ලබන 2වැනි දා දක්වා රක්‍ෂිත බන්ධනාගාර භාරයේ තැබීමට කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් රශ්මි සිංගප්පුලි මහතා පෙරේදා (19) නියෝග කර තිබේ.

මහනුවර ප‍්‍රදේශයේ පදිංචිකරුවන් තිදෙනකු විසින් කරන ලද පැමිණිල්ල අනුව පරීක්ෂණ පවත්වා ඇති කොළඹ විශේෂ වංචා විමර්ශන අංශය පාතිමා රවනා රෂ්ඩි නොහොත් මෙලෙනි ෆිල්ඞ් නමැති එම සැකකාරියව අත්අඩංගුවට ගෙන ඇත.

මහනුවර සිබඹලාගස්තැන්න ප‍්‍රදේශයේ පදිංචිකාරියක යැයි කියන සැකකාරිය විදේශ රැකියා හා උසස් අධ්‍යාපනය සඳහා සිසුන් විදේශ ගතකරන විදේශීය විශ්ව විද්‍යාලවල නියෝජිතවරියක් ලෙස පෙනී සිටිමින් එලෙස මුදල් වංචා කොට ඇත් බවත්, ඇයට එරෙහිව එවැනි වංචා සිද්ධීන් ගණනාවකට සම්බන්ධ නඩු රැසක් කොටුව හා මාලිගාකන්ද මහේස්ත‍්‍රාත් අධිකරණ හමුවේ ගොනු වී ඇති බවත්, පෙන්වා දෙමින් කළ කරුණු දැක්වීමක් සලකා බැලූ මහේස්ත‍්‍රාත්වරයා එම නියෝගය නිකුත් කළේය.

Posted by Ravaya on 3:10 AM. Filed under . You can follow any responses to this entry through the RSS 2.0. You can leave a response or trackback to this entry

0 comments for "එංගලන්තයේ සරසවිවලට සිසුන් යවන බව පවසා ලක්ෂ 25ක් වංචා කරලා"

Leave a reply