තියුණු තරගයකින් පසු සිව්වන එක්දින තරගයේ ජය ශ‍්‍රී ලංකාවට

ශ‍්‍රී ලංකාව සහ දකුණු අප‍්‍රිකාව අතර දකුණු අප‍්‍රිකාවේ කිම්බර්ලි හි ඊයේ (20) පැවැති සිව්වන එක්දින ක‍්‍රිකට් තරගයෙන් ජය අත්කරගැනීමට ශ‍්‍රී ලංකා පිල සමත්විය. දකුණු අප‍්‍රිකා පිල මුලින්ම පන්දුවට පහර දෙමින් සිය පන්දුවාර 50 තුලදී කඩුලූ 7ක් දැවී ලකුණු 299 ක් රැස්කළ අතර, එම ඉලක්කය හඹාගිය ශ‍්‍රී ලංකා කණ්ඩායම කඩුලූ 5ක් දැවී පන්දුවාර 48කුත් පන්දු 4කදී ලකුනු 305ක් ලබාගනිමින් තරගයේ ජයග‍්‍රහණය ලැබීය.

ඊයේ කණ්ඩායම් දෙකේම වෙනස්කම් සිදුකර තිබු අතර, දකුණු අප‍්‍රිකානු වේගපන්දු යවන්නන් වන ඬේල් ස්ටේන් සහ මෝනි මෝකල් විවේකගන්වා ඒ වෙනුවට වේන් පානේල් සහ වර්නන් පිලැන්ඩර් කණ්ඩායමට එක්කර තිබිණි.

ශ‍්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් 3ක් සිදුකර තිබූ අතර, ආබාධයකට ගොදුරු වී  සිටින මහේල ජයවර්ධන වෙනුවට ළහිරු තිරිමාන්නත්, කෝසල කුලසේකර වෙනුවට තිසර පෙරේරාත්, ධම්මික ප‍්‍රසාද් වෙනුවට සචිත‍්‍ර සේනානායකත් කැඳවා තිබුණි.

මේ අනුව සචිත‍්‍ර සේනානායක ඊයේ ශ‍්‍රී ලංකාව වෙනුවෙන් එක්දින වරම් හිමිකර ගැනීමට සමත් විය.

සව්වන එක්දින තරගයේ කාසිය වාසිය දිනූ දකුණු අප‍්‍රිකානු නායක ඩිවිලියර්ස් මුලින්ම පන්දුවට පහරදීමට තීරණය කළ අතර, ස්මිත් සහ පීටර්සන් සාර්ථක ආරම්භයක් ලබාදීමට සමත් වූහ.

එක්දින තරගාවලිය පුරාම අසාර්ථක වී සිටි ග‍්‍රැහැම් ස්මිත් මෙම තරගයේදී යළිත් ලකුණු අතරට පිවිසෙමින් ශ‍්‍රී ලංකා පන්දු යවන්නන්ට කිසිදු අපහසුවකින් තොරව පහර දෙමින් පන්දු 69කදී ලකුණු 68ක් ලබාගැනීමට සමත්විය. මුල් කඩුල්ල වෙනුවෙන් ලකුණු 84ක සම්බන්ධතාවයක් වාර්තා වීමෙන් පසු පිටර්සන් ලකුනු 37 කට සීමා කිරිමට රංගන හේරත් සමත්විය.

පිතිකරු ලැයිස්තුවේ ඉහළට පැමිනි නායක ඩිවිලියර්ස්, ස්මිත් සමග එක්වී දෙවන කඩුල්ල වෙනුවෙන් ලකුණු 87ක සම්බන්ධතාවයක් ගොඩනැගීමට සමත්විය. ස්මිත් ලකුනු 68ක් ලබා සිටියදී ලසිත් මාලිංගගේ පන්දුවකට දැවී ගිය අතර නායක ඩිවිලියස් දකුණු අප‍්‍රිකා පිලේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වෙමින් පන්දු 76කදී වේගවත් ලකුණු 97ක් රැුස්කළේය. මෙම ඉනිමට හයේ පහර 3ක් සහ හතරේ පහර 8ක් ඇතුලත් විය.

සිව්වන තරගයේදී ශ‍්‍රී ලංකා පිතිකරුවන් තම සුපුරුදු දස්කම්වලට නැවත අවතීර්නවූ අතර පළමු කඩුල්ලලෙස උපුල් තරංග ලකුණු පුවරුව ලකුණු 17 ක් ලෙස සටහන් වන විට දැවී ගියත් නායක ඩිල්ෂාන් සහ කුමාර සංගක්කාර එකතුව දෙවන කඩුල්ල සඳහා ශ‍්‍රී ලංකාඉනිමේ සටහන් වූ ලකුණු 83ක වාර්තාගත සම්බන්ධතාවයට හිමිකම්කීමට සමත්විය. මුලූලකුණු ප‍්‍රමාණය ලකුනු 100 ලෙස සටහන් වෙද්දී දෙවන කඩුල්ල ලෙස ලකුණු 37ක් ලබාසිටි කුමාර සංගක්කාර දැවි ගියේය.

ඉන්පසු පිටියට එක්වූ චන්දිමාල් නායක ඩිල්ෂාන් සමග එක්වී තෙවන කඩුල්ල සඳහා ලකුණු 68ක් රැස්කරමින් ශ‍්‍රී ලංකා ඉනිම ශකිත්මත් කළ අතර, පස්වන කඩුල්ල සඳහා චන්දිමාල් සහ තිසර පෙරේරා විසින් ලකුණු 52ක අගනා සම්බන්ධතාවයක් ගොඩනැන්වීය. ලකුණු 59ක් ලබාසිටි චන්දිමාල්ගේ දැවීයාමත් සමග ඇන්ජලෝ මැතිව්ස් සහ තිසර පෙරේරා එක්වී ලකුනු 58ක සම්බන්ධතාවයකට හිමිකම් කියමින් ශ‍්‍රී ලංකා පිල ජයග‍්‍රහණය කරා රැුගෙන යනු ලැබීය.

ශ‍්‍රී ලංකා ඉනිමේ අර්ධ ශතක 3ක් වාර්තා වූ අතර, නායක ඩිල්ෂාන් පන්දු 87 කදි ලකුණු 87 ක් රැස්කල අතර එම ඉනිමට හයේ පහර 2 ක් සහ හතරේ පහර 9ක් ඇතුලත්ය. ලකුණු 59ක් ලබාගත් චන්දිමාල්ගේ ඉනිමට එක් හයේ පහරක් සහ එක් හතරේ පහරක් ඇතුලත් විය.

තිසර පෙරේරා විසින් නොදැවී සිටිමින් ලකුනු 69ක් වාර්තා කළ අතර එම ඉනිමට හයේ පහර 5ක් සහ හතරේ පහර 3ක් ඇතුලය. මෙම තරගයේ වාර්තාවූ වේගවත්ම අර්ධ ශතකය මෙය වන අතර ඒ සඳහා තිසර පෙරේරාට වැයවූයේ පන්දු 44 කි. පන්දු  ඕවර 48 පන්දු 4කදී තරගය නිමවූයේද තිසර පෙරේරා අතින් එම පන්දු  ඕවරයේ 4වන පන්දුවේදී එල්ල වු හයේ පහරකින් වීම විශේෂත්වයකි.

Posted by Ravaya on 4:09 AM. Filed under . You can follow any responses to this entry through the RSS 2.0. You can leave a response or trackback to this entry

0 comments for "තියුණු තරගයකින් පසු සිව්වන එක්දින තරගයේ ජය ශ‍්‍රී ලංකාවට"

Leave a reply