‘මව්බිම’ වැටුප් කප්පාදුව ඇරඹේ

ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත‍්‍රී ‘මව්බිම’ ටිරාන් අලස් මහතාගේ ‘මව්බිම’ පුවත්පතට මාධ්‍යවේදීන් බඳවා ගැනීමේදී ගෙවීමට එකඟ වූ මාසික වැටුප් හා දීමනා මේ වනවිට ටිකෙන් ටික කප්පාදු කරමින් තිබෙන බව එම ආයතනයේ අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

කර්තෘ මණ්ඩල සාමාජිකයින් බඳවා ගන්නාවිට මව්බිම පුවත්පතට අමතරව එම පුවත්පත් ආයතනය විසින් ප‍්‍රකාශයට පත්කරන ‘සිලොන් ටුඬේ’ ඉංග‍්‍රීස් පුවත්පත වාර්තා සැපයීම වෙනුවෙන් විශේෂ දීමනාවක් ගෙවීමට පොරොන්දුවී තිබුණද පසුගිය මාසයේ සිට එම ගෙවීම්ද කප්පාදුකරමින් තිබේ.

ඒ අනුව ‘මව්බිම’ කර්තෘ මණ්ඩල සාමාජිකයින්වන ස්ටැන්ලි සමරසිංහ මහතාට සහ පේ‍්‍රමලාල් මහතාට ඉංග‍්‍රීසි පුවත්පතට ලබාදෙන වාර්තා සඳහා ගෙවීමට එකඟ වී තිබූ ගාස්තු පසුගිය මාසයේදී අඩකින් කපාහැර තිබේ.

තවද සේවකයින්ගේ වැටුප් හා දීමනා කප්පාදුව සඳහා ආයතන පාලකයින් කර්තෘ මණ්ඩල සාමාජිකයින්ගේ පැමිණීමේ සටහන්ද යොදාගෙන ඇත. පැමිණීම වාර්තා කිරීම සඳහා යොදගෙන ඇති ඇඟිලි සලකුණු යන්ත‍්‍රය බොහෝ අවස්ථාවලදී ක‍්‍රියාත්මක නොවන අතර ඒ අනුව කාර්ය මණ්ඩලයේ සේවකයින් ගණනාවකගේ දින කිහිපයක වැටුප් කපා හැර තිබේ.

මේ අතර විශේෂ වැටුප් පදනම යටතේ කර්තෘ මණ්ඩලයට බඳවා ගත් බෙනට් රූපසිංහ මහතාගෙන් හා ජනිත සෙනවිරත්න මහතාගෙන් බලාපොරොත්තු වූ තරමේ සේවයක් ඉටු නොවන බවට කර්තෘ මණ්ඩල ප‍්‍රධානියා විසින් ආයතනයේ සභාපති ටිරාන් අලස් මහතාට දැනුම්දී තිබේ. ඒ අනුව කර්තෘ මණ්ඩල සාමාජිකයින්ගේ ප‍්‍රගතිය පිළිබදව වාර්තාවක් සතිපතා තමාවෙත ලබාදෙන ලෙස නියෝග කොට ඇති අලස් මහතා, රාජකාරිය නිසිපරිදි ඉටුනොකරන සියලූ දෙනාගේ දීමනා කපාහරින ලෙසද දැනුම්දී ඇත.

බෙනට් රූපසිංහ මහතා සහ ජනිත සෙනවිරත්න කර්තෘ මණ්ඩලයේ වගකිවයුතු තනතුරු සඳහා බඳවා ගැනීම තමා විසින්ගත් වැරදි තීරණයක් බව ටිරාන් අලස් මහතා එහිදී වැඩිදුරටත් පවසා ඇත.

Posted by Ravaya on 12:47 AM. Filed under . You can follow any responses to this entry through the RSS 2.0. You can leave a response or trackback to this entry

0 comments for "‘මව්බිම’ වැටුප් කප්පාදුව ඇරඹේ"

Leave a reply