තානාපති සේවයේ සිටින ප්‍රංශයේ දයාන් ජයතිලක, හොලන්ඩ් වල බුද්ධි ආතාවුද සහ ෆ්‍රැන්ක්ෆට්වල නිහාල් සමරසිංහ යලිත් ලංකාවට
ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තානාපති සේවයේ සිටින ප්‍රංශයේ තානාපති දයාන් ජයතිලක, හොලන්ඩ් වල බුද්ධි ආතාවුද සහ ෆ්‍රැන්ක්ෆට්වල නිහාල් සමරසිංහ යන නිලදාරින් ට එරහිව නොකඩවා එල්ලවනු චෝදනා සලකා බැලීමන් අනතුරුව, ශ්‍රී ලංකා රජය ඉහත නිලදාරින් යලිත් ශ්‍රී ලංකාවට ගෙන්වීමට තීරණය කර තිබේ.මෙහිදී දයාන් ජයතිලක ට එල්ල වු ප්‍රධාන චෝදනාව වුයේ ප්‍රංශයේ වාසයකරන බෞද්ධ භික්ෂුන් වහන්සේලා සහ බෞද්ධ ජනතාවට සහ බුදු දහම පාගා දැමීම ට දයාන් විසින් අනුගමනය කරන ක්‍රියාවලියයි. ප්‍රංශයේ වාසයකරන ලාංකීය ජනතාවට අනුව යුරෝපයට ගිය කිසිදු තානාපතිවරයෙක් මේ අයුරින් බුදු දහම පාගා දමා නැත. තවද 2011 දී සියළුම තානාපති කාර්යාල වල සම්බුද්ධ ජයන්ති උත්සව පැවැත්වූණ ද පැරිස් නුවර තානාපති කාර්යාලයේ එය සිදු නොකිරීමට පවා දයාන් කටයුතු කල බව, ප්‍රංශයේ වෙසෙන ගිහි පැවදි දෙපක්ෂය ශ්‍රී ලංකා රජයට දන්වා ඇත. වර්තමානයේ තානාපතිවරයා විසින් පැරීසියේ ඇති සියලූ විහාරස්ථාන වර්ජනය කර ඇති බැවින් භික්ෂුන් වහන්සේලා ද තානාපති කාර්යාලයේ කිසිදු ආගමික කටයුත්තකට සහභාගී වීමෙන් වැලකී සිටින බවට වාර්තාවේ. තවද දයාන් ප්‍රංශයේ ව්‍යාපාර කීපයක් ආරම්භ කර ඇති බැවින්, වර්තමානයේ දයාන්ට තානාපතිධුරයේ කටයුතු කීරීමට පවා විවේකයක් නැති බවයි.
හොලන්ඩ් වල බුද්ධි ආතාවුද සහ ෆ්‍රැන්ක්ෆට්වල නිහාල් සමරසිංහ යන අයට ඇති ප්‍රධාන චෝදනාවන් වන්නේ, අහිංසක ශ්‍රී ලංකික ජනතාවගෙන් කොමිස් මුදල් ලබාගැනීම, තානාපති සේවයේ යෙදී සිටිනවිටදී සහ රාජකාරී වේලාවන්වලදී වෙනත් රැකියා කිරීම සහ තානාපති කාර්යාලයයේ නිලරථ උපයෝගීකරගනිමින් (හොරෙන්) යුරෝපයට නීතිවිරෝදී සන්ක්‍රමනිකයන් ඇතුළුකීරිමයි.
0 comments for "තානාපති සේවයේ සිටින ප්‍රංශයේ දයාන් ජයතිලක, හොලන්ඩ් වල බුද්ධි ආතාවුද සහ ෆ්‍රැන්ක්ෆට්වල නිහාල් සමරසිංහ යලිත් ලංකාවට"