නැගෙනහිර වෙරළට Softlogic හෝටලයක්
Ominga International සමාගම සමග එක්ව රුපියල් මිලියන 200 ක වියදමින් සුඛෝපභෝගී හෝටලයක් නැගෙනහිර වෙරළේ ඉදිකිරීමට Softlogic Holdings සමූහ ව්‍යාපාරය සූදානම් වේ.මේ අනුව, පාසිකුඩා ප්‍රදේශයේ කාමර 40 කින් හා සංචාරක බංගලා 20 කින් සමන්විතව මෙම හෝටලය ඉදිකිරීම සඳහා Ominga International (Private) Limited සමාගම සමග ගිවිසුමකට Softlogic සමූහය එළඹ තිබේ.
මෙම ගිවිසුමට අනුව Softlogic සමූහයට අදාළ හෝටලයෙන් සියයට 66.66 ක කොටස් අයත් වනබව කොළඹ කොටස් වෙළඳ පොළට දැනුම් දී ඇත.
0 comments for "නැගෙනහිර වෙරළට Softlogic හෝටලයක්"