බී.එම්.ඩබ්ලිව් සමාගම මිනි කූපර්ස් නැවත කැඳවයි

සුප්‍රසිද්ධ ජර්මානු මෝටර් රථ නිෂ්පාදන සමාගමක් වන බී.එම්.ඩබ්ලිව් සමාගම සිය මිනි කූපර් රථ 89000 ක් නැවත ගෙන්වාගැනීමට තීරණයකොට ඇත.

ඊට හේතුවී ඇත්තේ එම රථයේ විදුලි පරිපථවල නිෂ්පාදනයේදී දෝෂ ඇතිව තිඛෙන බවට හෙළිවීම නිසායි. එම විදුලි පරිපථය අධික ලෙස රත්වීමෙන් එම මෝටර් රථ ගිනිගැනීමට ලක්විය හැකි බවද පරීක්ෂණවලදී සොයාගෙන ඇත.

2006 නොවැම්බර් මස සිට 2011 ජනවාරි දක්වාවූ කාල පරාසය තුළදී නිෂ්පාදනය කරන ලද මෙම මිනි කූපර් රථ සඳහා අදාල පද්ධති නොමිලයේ සවිකරදීමටයි බී.එම්.ඩබ්ලිව් සමාගම තීරණයකොට ඇත්තේ.

Posted by Ravaya on 5:21 AM. Filed under . You can follow any responses to this entry through the RSS 2.0. You can leave a response or trackback to this entry

0 comments for "බී.එම්.ඩබ්ලිව් සමාගම මිනි කූපර්ස් නැවත කැඳවයි"

Leave a reply