OL ප්‍රතිඵලයෙන් උපාධියක් ගැනීමට ඇමති ඩලස්ගෙන් ෂෝට් කට් එකක් .
අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය සමත්වූ සිසුන්ට වසරක පදනම් පාඨමාලාවක් හරහා උපාධි පාඨමාලා සඳහා ඉල්ලුම්කළ හැකි ක්‍රමවේදයක් සැකසූ බව යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා අනාවරණය කරයි.
මේ තුළින් උසස් අධ්‍යාපනය සඳහා ගතවන වසර 07ක කාලයෙන් වසර 03ක් ඉතිරි වන බවත් එය තරුණ ජීවිතයෙන් 15%ක ඉතිරියක් බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටී.
ජාතික ව්‍යාපාර කළමණාකරණ ආයතනය (NIBM), ඉදිරියේදී NSBM (National School of Business Management) නමින් නම වෙනස්කර උපාධි පිරිනමන ආයතනයක් බවට පත්කිරීමෙන් මෙම අවස්ථාව උදාවී ඇතැයිද අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දෙයි.
මෙලෙස වසර 03කට පෙර උපාධිය ලබාගැනීමට හැකියාව ලැබීම හේතුවෙන් මෙය "අධ්‍යාපන අධිවේගී මාර්ගය" ලෙස හැඳින්විය හැකි බවද ඔහු වැඩිදුරටත් පෙන්වාදෙයි.
විදේශීය පෞද්ගලික විශ්වවිද්‍යාල 03ක් සම්බන්ධ කරගනිමින් මෙම පාඨමාලා ක්‍රියාත්මක කරන බවද අමාත්‍යවරයා විසින් අනාවරණය කරන ලදී.
එහෙත් මෙම පාඨමාලා හැදෑරීම සඳහා අයකරන ගාස්තු සම්බන්ධයෙන් ඔහු කිසිවක් සඳහන් කර නැත.
මෙතෙක් පැවති පිළිගත් ක්‍රමවේදය වූයේ උසස් පෙළ හැදෑරීමෙන් අනතුරුව උපාධි පාඨමාලා සඳහා යොමුවීම බවත් මෙය උපාධි පාඨමාලාවන්ගේ ගුණාත්මක තත්ත්වය හැල්ලු කිරීමක් බවත්, පෞද්ගලික උපාධි අලෙවි කරන ආයතන පිහිටුවීම සඳහා පෙරහුරුවක් බවත් අප සමඟ අදහස් දැක්වූ අධ්‍යාපනඥයෙකු පැවසීය.
එමෙන්ම NIBM ආයතනය මෙතෙක් ක්‍රියාකාරී වූයේ උසස් අධ්‍යාපන ආයතනයක් ලෙස නොවන බවද, එය වෘත්තීය අධ්‍යාපන ආයතනයක් ලෙස පිහිටවනු ලැබූවක් වන අතර නම වෙනස් කළ පමණින් එයට උපාධි පිරිණැමීමේ හැකියාවක් නොමැති බවද ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
එවන් ආයතනයකින් උපාධියක් නමින් ලබාදෙන සහතිකයකට පිළිගැනීමක් ලැබීම සැකසහිත බව පෙන්වාදුන් ඔහු වැඩිදුරටත් පැවසුවේ එක්කෝ අමාත්‍යවරයා කරුණු හරිහැටි වටහාගෙන නොමැති බවත් එසේ නැතහොත් ඔහු දැනුවත්වම ජනතාවගේ දරුවන් රැවටීමට උත්සාහ කරන බවත්ය.

0 comments for "OL ප්‍රතිඵලයෙන් උපාධියක් ගැනීමට ඇමති ඩලස්ගෙන් ෂෝට් කට් එකක් ."