විදේශීය කතට අතවර කළ මාතර හෝටල් හිමියා රිමාන්ඩ්

ශ්‍රී ලංකාවේ සංචාරයට පැමිණි ඕලන්ද ජාතික කාන්තාවකට අතවර කිරීම සම්බන්ධයෙන් සැකපිට මාතර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන මාතර අතිරේක මහෙස්‌ත්‍රාත් දුලානි අමරසිංහ මෙනවිය වෙත ඉදිරිපත් කරන ලද හෝටල් හිමියෙක්‌ මේ මස 16 වැනිදා දක්‌වා රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කෙරිණි. සැකකරු මාතර පදිංචිකරුවෙකි.

මෙම කාන්තාව නැවතී සිට ඇත්තේ මාතර පොල්හේන ප්‍රදේශයේ හෝටලයක වන අතර ඇගේ සැමියා පිටතට ගොස්‌ සිටිය දී සම්බාහනය කරන බවට පවසා කැඳවාගෙන ගොස්‌ ඇති බව පොලිසිය පවසයි.

විදේශීය කාන්තාව වෛද්‍ය පරීක්‍ෂණයකට පවා ඉදිරිපත් වීමට අකැමැති වී ඇති අතර සිද්ධිය පිළිබඳ ලියන ලද ලිපියක්‌ ඇය පොලිසියට ලබා දී ඇත.

මාතර ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි සුමිත් එදිරිසිංහ මහතාගේ උපදෙස්‌ මත අපරාධ අංශයේ ස්‌ථානාධිපති පො.ප. පී. එස්‌. සී. සංජීව මහතා ඇතුළු නිලධාරීහු පරීක්‍ෂණ පැවැත්වූහ.

Posted by Ravaya on 2:33 PM. Filed under . You can follow any responses to this entry through the RSS 2.0. You can leave a response or trackback to this entry

0 comments for "විදේශීය කතට අතවර කළ මාතර හෝටල් හිමියා රිමාන්ඩ්"

Leave a reply