සබරගමු සිසුන්ට මැර ප්‍රහාරයක්, තිදෙනෙක් රෝහලේ
සබරගමුව විශ්වවිදයාලයේ සිසුන් තිදෙනකුට ඊයේ(10) රාත‍්‍රී 10.30ට පමණ මැර ප‍්‍රහාරයක් එල්ලකර ඇත. විශ්වවිද්‍යාලයේ කියවීම් ශාලාවේ සිට නේවාසිකාගාරය දක්වා යමින් සිටියදී ශ‍්‍රවනාගාරය අසලදී මෙම ප‍්‍රහාරය එල්ලවී ඇත. ප්‍රහාරයෙන් තුවාළ ලැබූ සිසුන් තිදෙනා මේ වනවිට ප‍්‍රතිකාර ලබාගැනීම සඳහා පබහින්න රෝහලට ඇතුලත් කර ඇත. මෙසේ රෝහල්ගතකර ඇත්තේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති සුරේෂ් මොරවක සහ තවත් ශිෂ්‍ය සංගම් ක්‍රියාකාරිකයින් දෙදෙනෙකි.
විශ්වවිද්‍යාලට පුරා රක්නා ලංකා හා විශ්වවිද්‍යාලයේ අභ්‍යන්තර ආරක්‍ෂක නිළධාරීන් යොදාගෙන ඉතාම තදබල ආරක්‍ෂාවක් තහවුරු කර ඇති තත්වයක් තුළ ආරක්‍ෂක අංශවල සහයකින් තොරව කිසිවෙකුට මෙවැනි ප‍්‍රහාරයක් එල්ලකර නොහැකි බව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය පෙන්වා දෙයි. එබැවින් මෙම ප‍්‍රහාරය "රක්නා ලංකා"ආරක්‍ෂක අංශය විසින් සැලසුම්කර එල්ල කරන ලද ප‍්‍රහාරයක් බව එම බලමණ්ඩලය පවසයි.
මේ අතර ප‍්‍රහාරයට සම්බන්ධ මැරයන් අත්අඩංගුවට ගැනීමට හා ප‍්‍රහාරයට සම්බන්ධ ආරක්‍ෂක නිළධාරීන් සරසවියෙන් ඉවත්කරන ලෙස බලකරමින් මේ වනවිට සියලූ සිසුන් සරසවිය තුළ රැදී සිටී.

0 comments for "සබරගමු සිසුන්ට මැර ප්‍රහාරයක්, තිදෙනෙක් රෝහලේ"