කරූගේ කාර්යාලයට ගිනි තැබීමේ උත්සාහයක්.

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ති‍්‍ර කරූ ජයසුරිය මහතාගේ ගම්පහ දිස්ති‍්‍රක් පක්ෂ කාර්යාලයට අද (10) අලූයම කිසියම් පිරිසක් ගිනි තැබීමට උත්සාහ කර ඇත.

කරූ ජයසුරිය මන්ති‍්‍රවරයාගේ ලේකම් තුසිත කුමාර මහතා  සඳහන් කළේ,  සුදු පැහැති වෑන් රථයකින් පැමිණි කිසියම් පිරිසක් පක්ෂ කාර්යාලයේ ගේට්ටුව කඩා බිඳ දමා ඊට ඇතුළු වීමට උත්සාහ කර ඇති බවයි.

මේ සම්බන්ධයෙන් ගම්පහ පොලිසියට පැමිණිල්ලක් කර ඇති බවද ඔහු සඳහන් කළේය.

ඒ සම්බන්ධයෙන් මේ වනවිට පරීක්ෂණ සිදුකරන බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි අජිත් රෝහණමහතා පවසයි.

Posted by Ravaya on 10:34 PM. Filed under . You can follow any responses to this entry through the RSS 2.0. You can leave a response or trackback to this entry

0 comments for "කරූගේ කාර්යාලයට ගිනි තැබීමේ උත්සාහයක්."

Leave a reply