ඉන්දියාවේ ශිතලෙන් 140 ක් මරුට

ඉන්දියාවේ උතුරුදිග ප්‍රදේශවලට බලපා ඇති අධික ශීත කාළගුණික තත්ත්වය හේතුවෙන් මියගිය සංඛ්‍යාව මේ වන විට 140 ක් පමණ දක්වා ඉහළගොස් ඇති බව වාර්තාවේ.

අද (10) උදෑසන වන විට නවදිල්ලියෙන් සෙල්ෂියන් අංශක 5 ක උෂ්ණත්වයක් වාර්තාවී ඇති අතර අධික ශීත කාළගුණික තත්ත්වය හේතුවෙන් ජනජීවිතයට මහත් බාධා එල්ලවී ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන්නේ.

ජම්මු කාශ්මීර්, හිමාචාල් හා පංජාබ් ප්‍රදේශවලින් අධික ලෙස හිමපතනයක් වාර්තාවී ඇති අතර පංජාබ් ප්‍රාන්තයේ ඇතැම් ප්‍රදේශවලට හිමපතනය සිදුව ඇත්තේ වසර 40 කට අධික කාලයකින් පමණ වන බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා පවසන්නේ.

Posted by Ravaya on 10:42 PM. Filed under . You can follow any responses to this entry through the RSS 2.0. You can leave a response or trackback to this entry

0 comments for "ඉන්දියාවේ ශිතලෙන් 140 ක් මරුට"

Leave a reply