සිරියාවේ හෝම්ස් ගැටුම්වලින් ප‍්‍රංශ මාධ්‍යවේදියෙක් මරුට

සිරියාවේ හෝම්ස් නගරයේදී ප‍්‍රංශ රූපවාහිනී මාධ්‍යවේදයෙකු වන ගිල්ස් ජැකියර් ඝාතනය කර තිබේ. සිරියාවේ නොසන්සුන් බව උද්ගතවීමෙන් අනතුරුව මිය ගිය පළමු බටහිර මාධ්‍යවේදිය ඔහුය. ගිල්ස් හෝම්ස් නගරයට පැමිණ ඇත්තේ ප‍්‍රංශ රජයේ නිල අනුමැතිය ඇතුවය.
මෙම ප‍්‍රංශ මාධ්‍යවේදියා හෝම්ස් නගරයේදී මරා දමන ලද පුද්ගලයන් අට දෙනෙකුගෙන් කෙනෙකු බව සිරියානු රූපවාහිනිය නිවේදනය කළේය. ගිල්ස්ගේ මාධ්‍ය සගයකු සදහන් කළේ මිය යන්නට මොහොතකට පෙර ද ගිල්ස් ආණ්ඩුවට පක්‍ෂපාතී රැස්වීමක පුද්ගලයන් කිහිප දෙනෙකු සමග සම්මුඛ සාකච්ඡා පැවැත්වූ බවයි.

මෙම ඝාතනය පිළිබද සම්පූර්ණ පැහැදිලි කිරීමක් අවශ්‍ය බව ප‍්‍රංශ විදේශ අමාත්‍ය අලයින් පුප්පේ දන්වා සිටියි. ජනමාධ්‍යවේදීන්ගේ ආරක්‍ෂාව පිළිබදව සිරියානු රජය වගකීම භාරගත යුතු යැයි සදහන් කරන යුරෝපා සංගමයේ විදේශ ප‍්‍රතිපත්ති පිලිබද ප‍්‍රධානී කැතරින් ඇස්ටන් ගිල්ස් ජැකියර්ගේ ඝාතනය පිළිබද විමර්ශනයක් අවශ්‍ය බව සදහන් කර සිටියි.

Posted by Ravaya on 3:50 AM. Filed under . You can follow any responses to this entry through the RSS 2.0. You can leave a response or trackback to this entry

0 comments for "සිරියාවේ හෝම්ස් ගැටුම්වලින් ප‍්‍රංශ මාධ්‍යවේදියෙක් මරුට"

Leave a reply