ක්‍රෙඩිට් කාඞ්වල ඇති සමස්ත ණය ප‍්‍රමාණය මිලියන 35777ක්
ඔක්තෝම්බර් මාසයේ ශ‍්‍රී ලංකාවේ ක්‍රෙඩිට් කාඞ්පත් භාවිතය සැප්තැම්බර් මාසයට සාපේක්‍ෂව 10% කින් පමණ වැඩි වී ඇති බව මහබැංකු වාර්තාවක් හෙළිකරයි. ඔක්තෝම්බර් මාසය වනවිට ශ‍්‍රී ලංකාවේ වලංගු ක්‍රෙඩිට් කාඞ්පත් ප‍්‍රමාණය 8,45,888 ක් වන අතර එමගින් මේ වනවිට මුදා හැර ඇති ණය මුදලේ වටිනාකම රුපියල් මිලියන 35,773ක් වන බව එම ආර්ථික විශ්ලේෂණ වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.
එම වාර්තාවට අනුව සැප්තැම්බර් මාසයේදී ශ‍්‍රී ලංකාවේ භාවිත වූ ක්‍රෙඩිට් කාඞ් ප‍්‍රමාණය 8,37,641කි. එය 2010 ඔක්තෝම්බර් මාසයේදී පෙන්නුම් කර ඇත්තේ 7,78,446 ක් ලෙසය. එයින් මුදා හැර තිබූ සමස්ත ණය ප‍්‍රමාණය රුපියල් මිලියන 31,000 කි.
මෙම විශ්ලේෂණ වාර්තාවෙට අනුව ශ‍්‍රී ලංකාවේ සමස්ත රාජ්‍ය අංහයේ ණය ප‍්‍රමාණය ද ඔක්තෝම්බර් මාසය වනවිට ඩොලර් බිලියන 2819ක් දක්වා වැඩි වී ඇති අතර එය පෙර වසරට සාපේක්ෂව 10.6% ක වැඩිවීමකි.
එමෙන්ම විදේශ ණය ප‍්‍රමාණය රුපියල් බිලියන 2251 ක් දක්වා වැඩි වී ඇත්තේ පෙර වසරේ එම කාලය වනවිට තිබූ රුපියල් 2028 ක් ලෙසය. මේ අනුව සමස්ත රාජ්‍ය ණය ප‍්‍රමාණය මේ වනවිට රුපියල් බිලියන 5070.4 ක් දක්වා ඉහළ ගොස් ඇති බව එම වාර්තාව පෙන්වා දෙයි.

0 comments for "ක්‍රෙඩිට් කාඞ්වල ඇති සමස්ත ණය ප‍්‍රමාණය මිලියන 35777ක්"