ක‍්‍රිකට් පිටියේ ‘රෝස’ කතාව
සීතල සඳ ළඳ පොළොවෙහි උපන් රෝසම රෝස මල අද මලානිකය. පායා එන ලහිරු සේ, හිමිදිරි උදයේ පවතින රිදීපාට සේ, ගංගාවක් උඩින් හමන මීදුමක් සේ, උදැසන එමල පිපෙත් පිපෙත්ම එහි වූයේ මලානික බවකි. රෝස මලත්, ක‍්‍රීඩාවත් අතර කුමන පෑහීමක්ද? රෝසපාටත් ක‍්‍රීඩාවත් අතර කව කතාබහක්ද?ඒත් රෝසපාට කතාවක්, ක‍්‍රිකට්වල අයිනක ලියවී ඇත. මේ දිනවල ඕස්ටේ‍්‍රලියාවේ සිඞ්නිහිදී පැවැත්වෙන ඕස්්ටේ‍්‍රලියා - ඉන්දිය ටෙස්ට් කි‍්‍රකට් තරගාවලියේ දෙවන ටෙස්ට් තරගය ඕස්ටේ‍්‍රලියානුවන් ජය ලැබුවේ විශිෂ්ට ලෙසය. එය ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායමේ නායක මයිකල් ක්ලාක්ටද සුවිශේෂී විය. ඔහු ටෙස්ට් දිවියේ ප‍්‍රථම ත‍්‍රිත්ව ශතකයට උඩින් පියැඹුවේය.
කතාව එය නොවේ වෙනකකි. රෝසපාට ගැනය. ග්ලෙන් මැග‍්‍රාත් ගැනය. ග්ලේන මැග‍්‍රාත් යනු ඕස්ටේ‍්‍රලියානු ක‍්‍රිකට් අරඹේ එතෙක් මෙතෙක් බිහි වූ අග‍්‍රගණ්‍යයේ වේගපන්දු යවන්නාය. රෝස සංකල්පය ඔහුගේය. ‘පින්ක් ස්ටම්ප්ස්’ යනු එහි නාමයයි. ග්ලේන් මැග‍්‍රාත් මෙම පූණ්‍ය සංවිධානය ගොඩනැගුවේ පියයුරු පිළිකාවකින් මිය ගිය සිය බිරිඳ සිහිවීම පිණිසය. ඒ 2008 වසරේදීය.
‘පින්ක් ස්ටම්ප්ස්’ දිනයේදී මුළු සිඞ්නි ක‍්‍රීඩාංගණයම රෝස පැහැයට හැරේ. තණතිල්ල මත සිටුවා ඇති විකට් ඉනිවල පවා ලා රෝස පැහැය ආලේපිතය. ඕස්ටේ‍්‍රලියානු පිතිකරුවෝ සිය පිතිවල මීට කොටස රෝසපාට තවරති. ඒ සියලූ සහයෝගය මැග‍්‍රාත්ගේ පුණ්‍ය අරමුදල තර කිරීමටය. මැග‍්‍රාත්ගේ පදනමෙහි අරමුණ ඩොලර් මිලියනයකි. මේ සඳහා ඕස්ටේ‍්‍රලියාවේ ක‍්‍රියාත්මක කි‍්‍රකට් ක‍්‍රීඩා සමාජ 100කට වැඩි පිරිසක් පෙබරවාරි 18 වැනිදා වෙනම අරමුදල තර කිරීමට ‘පින්ක් ස්ටම්ප්ස්’ දිනය සමරති. මේ සියල්ලේහි අරමුණ තම ක‍්‍රිකට් විරුවාට අතදීමය.
ග්ලේත් මැග‍්‍රාත් සිය බිරිඳ ජේන් මැග‍්‍රාත්ට පියයුරු පිළිකාවක් ඇතැ’යි මුල් වතාවට දැනගත්තේ 1997 දීය. එවිට ඇය 31 හැවිරිදිය. හඳුනාගත් ඇසිල්ලෙන් පියුරු ඉවත් කිරීමේ ශල්‍යකර්මයකට. රසායනික චිකිත්සාවකට සහ විකිරණ චිකිත්සාවකට ලක් වූ ජේන් මැග‍්‍රාත් 1998දී තමා පිළිකාවෙන් සුවය ලැබූ බවද ලොවට හඬගා කීවාය. එහෙත් එය එසේ නොවීය. කාලයක් සමඟ දලූලා වැඩුණු පිළිකාව ජේන්ට මහත් පීඩාවක් 2003 වසරේ ගෙන දෙනවිට ඇය හෙම්බත්ය. ප‍්‍රතිවාදී කණ්ඩායම් මෙල්ල කරන මැග‍්‍රාත්ගේ වේග පන්දුවලට වඩා වේගයෙන් ඇගේ දිවිය කොට වීය. පිළිකාව හමුවේ අනෙක් දුක් විඳි ඇය හතළිස් දෙහැවිරිදි වියේදී දැවී ගියාය. කඩුලූ කොතරම් දවාගත්තේද, කඩුල්ලක් දවාගත් සැමවිටම මුවට සිනාවක් නගා ගත් මැග‍්‍රාත් ජේන්ගේ අභාවයෙන් අසරණ වූයේ කුඩාවුන් දෙන්නා ද සමඟය.
ක‍්‍රිකට්වලට ජේන් නිසා ඉක්මනින් සමුදුන් මැග‍්‍රාත් ජේන් වෙනුවෙන් අරමුදලක් ඇරඹුයේ එවන් පීඩාවලින් දුක්විඳිනවුන් ගලවා ගන්නටය. එය අද කතාවක් නොව ක‍්‍රියාවකි. 2009 සිඞ්නි ක‍්‍රීඩාංගණයේදී පළමු ‘පින්ක් ස්ටම්ප්ස්’ ආරම්භ විය. එතැන් පටන් තරවන අරමුදලින් ඕස්ටේ‍්‍රලියාව පුරා විවිධ ප‍්‍රජාවන් අතර පියයුරු පිළිකා පිළිබඳව විශේෂඥ පුහුණුවක් ලද හෙදියන් රඳවා තැබීමට හා තරුණ කාන්තාවන් අතර පියයුරු පිළිකා පිළිබඳව දැනුවත් බව ඉහළ දැමීම ද සිදුකරමින් සිටියි.
ජේන් මැග‍්‍රාත් පදනම මේ වනවිට රැස්කරගෙන ඇති මුදල පවුම් මිලියන 8ක් බව පැවසේ. ඉන් විවිධ ප‍්‍රදේශවල විශේෂඥ හෙදියන් 68 දෙනෙකු සේවයේ යොදවා ඇති අතර පවුල් 10,000කට වඩා වැඩි සංඛ්‍යාවකට අවශ්‍ය සහය ලබාදී ඇති බවද සැලය.
මහේල ජයවර්ධනගේ පිළිකා රෝහල් සිහිනය ඇහැ නොහරින කල මැග‍්‍රාත්ගේ සිහිනය යථාර්ථයක් වන්නේ එහි ඇති අවංක බව නිසා මිසක අන් කවර හේතුවක් නිසාදැ’යි නොසිතා සිටිය නොහැකිය. නොබෝදා පැවති ‘පින්ක් ස්ට්ම්ස්’ (Pink Stumps Day) දිනදී එය ආරාධිතයා වුයේ ඕස්ටේ‍්‍රලියාවේ අගමැතිනිය ජුලියා හිලාර්ඞ්ය. ඇයයද රෝස පැහැති ඇඳුමකින් සැරසී පැමිණ සිටියාය. එදින තේ පැන් සංග‍්‍රහය මැග‍්‍රාත්ගේ මුදලිනි. දෙදරු පියකු ලෙස පිටියෙන් එපිට දිගු ඉනිමක් ගොඩනගන මැග‍්‍රාත්ගේ සත්කාරය මහඟුය. අගනේය. එය රෝස පාට තරම්ම ප‍්‍රියයි. රෝසම රෝසපාට තරම්...
0 comments for "ක‍්‍රිකට් පිටියේ ‘රෝස’ කතාව"