විශ්වවිද්‍යාල සිසුන් සහ යුදහමුදාව අතර ගැටුමක් ඇතිකිරීමට ආණ්ඩුව කටයුතු කරලා - විපක්ෂ නායක
විශ්වවිද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ ද ආචාර්යවරුන්ගේද සිවිල් සංවිධානවල ද විරුද්ධ පක්ෂයේ ද විරෝධතාවය නොතකා ආණ්ඩුව 2010 දී විශ්වවිද්‍යාලවලට ඇතුළු වූ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට යුද පුහුණුවක් ලබා දී මේ යුද පුහුණුව ලබා පැමිණි විශ්වවිද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන් අරගල කරන තැනට වැඩසිදුකර එම අරගල මැඩලීමට යුද හමුදාව විශ්වවිද්‍යාලවලට යොදවා තවත් යුද්ධයකට මගසකස්කරන බවත්, මේ තත්ත්වය යටතේ විශ්වවිද්‍යාලවල සහ වන්නියේ කිසිදු වෙනසක් නැති බවත්, ආරක්ෂක හමුදා වන්නිය ද විශ්වවිද්‍යාල ද මේවන විට අල්ලාගෙන සිටින බවටත් විපක්‍ෂ නායකවරයා ආණ්ඩුවට චෝදනා කරසිටී.බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රී අජිත් මාන්නප්පෙරුම මහතාගේ ගම්පහ කාර්යාලයේ පැවැති පක්ෂ ක‍්‍රියාකාරී හමුවේදී විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා මෙම චෝදනාව කර තිබේ. එහිදී ඔහු විසින් මෙසේද අදහස් දැක්වීය.
විශ්වවිද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ ද ආචාර්යවරුන්ගේද සිවිල් සංවිධානවල ද විරුද්ධ පක්ෂයේ ද විරෝධතාවය නොතකා ආණ්ඩුව 2010 දී විශ්වවිද්‍යාලවලට ඇතුළු වූ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට යුද පුහුණුවක් ලබා දී
මේ යුද පුහුණුව ලබා පැමිණි විශ්වවිද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන් අරගල කරන විට ආණ්ඩුව යුද හමුදාව විශ්වවිද්‍යාලවලට යොදවා තිබෙනවා. මේ තත්ත්වය යටතේ විශ්වවිද්‍යාලවල සහ වන්නියේ කිසිදු වෙනසක් ඇත්තේ නැහැ. ඒ මන්ද ආරක්ෂක හමුදා වන්නිය ද විශ්වවිද්‍යාල ද මේවන විට අල්ලාගෙන සිටින නිසයි.
ආරක්ෂක හමුදා සහ විශ්වවිද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන් යම් මොහොතක ගැටුමක් ඇති කර ගත්තොත් අප කරන්නේ කුමක්ද? එසේ වුණොත් ඒ ගැටුම වැළැක්වීම සඳහා එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාව යෙදවීමට ආණ්ඩුව ක‍්‍රියා කරනවාද?
විශ්වවිද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ ප‍්‍රශ්න සඳහා විසඳුම් ලබා දෙමින් ඒ ප‍්‍රශ්න විසඳනවා වෙනුවට ආණ්ඩුව කරන්නේ මහා මෝඩ වැඩ බව කිව යුතුයි. විශ්වවිද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ මේ ප‍්‍රශ්න සම්බන්ධයෙන් අප මාස ගණනාවක් මුළුල්ලේ කරුණු පෙන්වා දුන්නත් ආණ්ඩුව කියා සිටියේ එබඳු කිසිදු ප‍්‍රශ්නයක් නොමැති බවයි.
පෞද්ගලික විශ්වවිද්‍යාල ප‍්‍රශ්නය විශ්වවිද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ ප‍්‍රශ්න සහ ආචාර්යවරුන්ගේ වැටුප් ප‍්‍රශ්නය ඇතුළු කිසිදු ප‍්‍රශ්නයකට මේ ආණ්ඩුවත් විශ්වවිද්‍යාල උපකුලපතිවරුනුත් විසඳුම් දී නැහැ.
මේ ප‍්‍රශ්න විසඳනවා වෙනුවට විශ්වවිද්‍යාල උපකුලපතිවරුන් කරන්නේ උසස් පෙළ ප‍්‍රතිඵලවලට අදාළ ’ ලකුණු ගැන කතා කරමින් සිටිනවා. මේ විශ්වවිද්‍යාල උපකුලපතිවැන්ටවත් මේ ’ ක‍්‍රමය ගැන අවබෝධයක් තිබෙනවා යැයි අප විශ්වාස කරන්නේ නැහැ.
රටේ සෑම ක්‍ෂේත‍්‍රයකම විශාල වශයෙන් ප‍්‍රශ්න මතුව ඇතත් ඒ ප‍්‍රශ්න විසඳීමට ආණ්ඩුවට කිසිදු අවශ්‍යතාවක් ඇත්තේ නැහැ. මේ සියලූ ප‍්‍රශ්න සඳහා පැලැස්තර් අලවනවා කියමින් ආණ්ඩුව ඒ තුවාල සියල්ල වර්ධනය කරමින් සිටිනවා.
විශ්වවිද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන් අන්තර විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය ඇතුළු සියලූ පාර්ශ්වයන් විරෝධය පළ කරද්දී එම ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට යුද පුහුණුව ලබා දුන්නේ මේ ආණ්ඩුවමයි.
ආණ්ඩුවේ මේ ක‍්‍රියාදාමය හේතුවෙන් උසස් අධ්‍යාපනය සම්පූර්ණයෙන්ම කඩා කප්පල් වී ඇති බව කිව යුතුයි. උසස් අධ්‍යාපනය කඩා කප්පල් වනවා කියන්නේ තරුණ තරුණියන්ගේ අනාගතය විනාශ වීමයි. මේ ක‍්‍රමය තවදුරටත් ක‍්‍රියාත්මක වුණොත් සිදු වන්නේ තරුණ තරුණියන්ගේ අනාගත විනාශ වීම පමණක් නොව ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ ජීවිත ද අහිමි වීමට ද ඉඩ තිබෙනවා.
යුද්ධය අවසන් වී තිබෙනවා. එසේ තිබිය දී විශ්වවිද්‍යාලවලට අප යුද්ධයක් ආරම්භ කරන්නේ ඇයි? විශ්වවිද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන් අත්අඩංගුවට ගන්නා ආණ්ඩුව සංචාරක විදේශීය කාන්තාව ¥ෂණය කළ අයට නිදැල්ලේ හැසිරීමට ඉඩ දී තිබෙනාව යැයි එම ශිෂ්‍ය ශිෂ්‍යාවන් අප සමඟ කියා සිටිනවා.
ආණ්ඩුව මේ ප‍්‍රශ්න සඳහා පිළිතුරු දී ඒ ප‍්‍රශ්න විසඳීමට සූදානම් නොමැති නම් ඊට එරෙහිව එකට ඒකරාශී වී මේ ආණ්ඩුව පෙරලා දැමීමේ කාලය එළඹ තිබෙනවා. මේ රටේ ප‍්‍රශ්න විසඳිය හැක්කේ එක්සත් ජාතික පක්ෂ පාලනයකට පමණක් බව කිව යුතුයි.
යුද්ධයෙන් පසුව රටේ ප‍්‍රශ්න විසඳා ජනතාවට සහන සැලසීමට මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට ජනතාව කාලය දුන්නා. නමුත් ඒ ප‍්‍රශ්න විසඳීමට ඔහුටත් මේ ආණ්ඩුවටත් නොහැකි බව ජනතාව තේරුම් ගෙන සිටිනවා.
එසේ නම් අප මේ ආණ්ඩුවට එරෙහිව එක්සත් ජාතික පක්ෂයේ සියලූ ශාඛා සමිති සහ සංවිධාන ගොඩනගමින් ජන සේනාවක් ගොඩනැගිය යුතුයි. 1977 දී ජේ.ආර්. ජයවර්ධන මහතා බලයට පත් වූයේ එබඳු ජන සේනාවක් සිටිය නිසයි. එමෙන්ම 2001 දී අප බලයට පත් වූයේ ද ආණ්ඩුවට එරෙහිව ජන බල මෙහෙයුම් ක‍්‍රියාත්මක කළ නිසයි.
රටත්, ජනතාවත් වෙන්වෙන් ආණ්ඩුවට එරෙහිව අප සටන් කරන විට කවුරුන් හෝ අපේ කකුලෙන් අඳිනවා නම් ඒ ක‍්‍රියාව විශාල ද්‍රෝහීකමක් බව කිව යුතුයි. ජනතාව සංවිධානය කර ආණ්ඩුවට එරෙහිව සටන් කළ යුතු අවස්ථාවක ඒ අවස්ථාව අහිමි කළාම සිදු වන්නේ ජනාධිපතිවරයාගේ දැත් ශක්තිමත් වීමයි. ජනාධිපතිවරයාගේ දැත් ශක්තිමත් කිරීමට වඩා තවත් ද්‍රෝහීකමක් තිබෙනවාද?
ආණ්ඩුවට පහර නොදී ශ‍්‍රී ජයවර්ධනපුර කෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මහගෙරදට ප‍්‍රහාර එල්ල කර විනාශ කිරීම ද ද්‍රෝශීකමක් බව කිව යුතුයි. ඒ ද්‍රෝහීන් ආරක්ෂා කරන අය ද්‍රෝහියන්ගෙන් ද්‍රෝශීයෝ නැති නම් ඩබල් ද්‍රෝහීයෝ බව පැහැදිලියි.
එක්සත් ජාතික පක්ෂ මහලේකම් තිස්ස අත්තනායක, සහකාර ලේකම් ආනන්ද කුලරත්න, බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රී අජිත් මාන්නප්පෙරුම, නව සිහළ උරුමයේ නායක සරත් මනමේන්ද්‍ර, කැණිය සංවිධායක බෙවන් පෙරේරා යන මහත්වරු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.
0 comments for "විශ්වවිද්‍යාල සිසුන් සහ යුදහමුදාව අතර ගැටුමක් ඇතිකිරීමට ආණ්ඩුව කටයුතු කරලා - විපක්ෂ නායක"