සරසවි සිසුන් පිටුපස බුද්ධි අංශ පන්නයි

විශ්වවිද්‍යාල පද්ධතියේ හටගෙන ව්‍යාකූලතාවය දෙස බුද්ධි අංශවල අවධානය යොමුව ඇති බවට අද (13) දිවයින පුවත්පතේ පුවතක් පළව තිබේ.

එහි මෙසේද සදහන් කර ඇත.

"විශ්වවිද්‍යාලවල අර්බුදකාරී තත්ත්වයක්‌ ඇති කිරීමට උත්සාහ කරන සංවිධානාත්මක පිරිස්‌ සොයා රාජ්‍ය බුද්ධි තොරතුරු අංශය ඇතුළු විශේෂ පොලිස්‌ කණ්‌ඩායම් කීපයක්‌ ඉහළ මට්‌ටමේ පරීක්‍ෂණ ආරම්භ කර ඇත.

සංවිධානාත්මක පිරිසක්‌ විසින් විශ්වවිද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන් ප්‍රකෝප කර විශ්වවිද්‍යාලවල කලබලකාරී තත්ත්වයක්‌ ඇතිකර අධ්‍යාපන ක්‍ෂේතය අවුල් කිරීමට කටයුතු කරන බවට තොරතුරු අනාවරණය වී තිබේ. මෙම සංවිධානාත්මක පිරිස්‌ විසින් මේ වනවිට සබරගමුව, රුහුණ, පේරාදෙණිය, කැලණිය. ජයවර්ධනපුර සහ රජරට විශ්වවිද්‍යාලවල නොයෙකුත් අවුල් සහගත තත්ත්වයන් ඇති කර ඒවායේ කටයුතු නතර කිරීමට පියවර ගනිමින් සිටින බවද වාර්තා වෙයි.

මෙම පිරිස්‌ විසින් මේ වනවිට සමස්‌ත විශ්වවිද්‍යාල පද්ධතියම අවුල් සහගත තත්ත්වයකට ඇද දමමින් සිටින බවටද තොරතුරු අනාවරණය වී තිබේ.

මෙම අවුල් සහගත තත්ත්වය ඇති කිරීමට කටයුතු කරන පුද්ගලයන් රැසක්‌ පිළිබඳ තොරතුරු මේ වනවිට බුද්ධි අංශ වෙත වාර්තාවී ඇති අතර ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමටද සූදානමින් සිටින බව පොලිස්‌ ආරංචි මාර්ග පවසයි."

Posted by Ravaya on 4:54 PM. Filed under . You can follow any responses to this entry through the RSS 2.0. You can leave a response or trackback to this entry

0 comments for "සරසවි සිසුන් පිටුපස බුද්ධි අංශ පන්නයි"

Leave a reply