සමලිංගික චෝදනාවෙන් නිදහස් කෙරුණ විපක්ෂ නායක

සමලිංගික චෝදනා එල්ල වී සිටි මලයාසියානු විපක්ෂ නායක අන්වර් එබ්‍රහීම් වසර දෙකක දීර්ඝ නඩු විභාගයකින් පසු අද එම චෝදනාවලින් නිදහස් කෙරුණි.


තමන්ට එරෙහි චෝදනා දිගින් දිගටම ප්‍රතික්ෂේප කළ අන්වර් එබ්‍රහීම් පැවසුවේ, එම නඩු විභාගය සිය දේශපාලන ගමන අඩපන කිරීම රජයේ ප්‍රයත්නයක් බවයි.

මුස්ලිම් වැසියන් බහුතරයක් වෙසෙන මලයාසියාව තුළ සමලිංගික සේවනය තහනම් වන අතර විපක්ෂ
නායකවරයාට එරෙහිව මෙම චෝදනාවට දෙවතාවක් නඩු පැවරුණි.

චෝදනාවන්ට ඔහු වරදකරු වුයේ නම් අන්වර් එබ්‍රහීම්ට වසර 20ක සිර දඬුවමක් නියමවීමට ඉඩ තිබූ බව ඒජන්සි වාර්තාවල සඳහන්ය.

අධිකරණය අද ලබා දුන් පුදුම සහගත තීන්දුවත් සමග මේ වසරේ පැවැත්වෙන මහා මැතිවරණය සඳහා තරග කරීමට අනවර් එබ්‍රහීම්ට අවස්ථාව හිමි වනු ඇති.

ඒ අතර මලායාසියානු විපක්ෂ නායක අන්වර් එබ්‍රහීම් ලිංගික අපයෝජන චෝදනාවලින් නිදොස් කරන ලද අධිකරණ සංකීර්ණය තුළ පිපිරීම් තුනක් ද සිදුව තිබේ.

Posted by Ravaya on 11:27 PM. Filed under . You can follow any responses to this entry through the RSS 2.0. You can leave a response or trackback to this entry

0 comments for "සමලිංගික චෝදනාවෙන් නිදහස් කෙරුණ විපක්ෂ නායක"

Leave a reply