එජාපයේ “නියෝජ්‍ය නායක කාර්යාලය” මන්ත්‍රී විවේකාගාරයක්වේ

කරු ජයසූරිය මහතා ඉවත්ව යෑමත් සමඟ එය නව නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතාට ලබා නොදී මෙම පියවර ගැනීමට මූලිකත්වය ගෙන ක්‍රියාකර ඇත්තේ, එක්සත් ජාතික පක්ෂයේ මහා ලේකම් තිස්ස මහතා සහ විපක්ෂ සංවිධායක ජෝන් අමරතුංග මහතාය.
මෙම විවේකාගාරය ඊයේ විවෘත කර ඇති අතර, එය ජායාරූපගත කර මාධ්‍ය වෙත මුදාහැරීමට රනිල් හිතවාදී මාධ්‍යවේදීයකු භාවිතාකර ඇතැයිද වාර්තාවේ.
එ.ජා.ප නියෝජ්‍ය නායකයා ලෙස කරු ජයසුරිය මහතාට පාර්ලිමේන්තුව තුල නිල කාමරයක් ලබාදී තිබු අතර, පසුගිය නිලවරණයෙන් ඔහු පරාජයවීමෙන් පසු එම කාර්යාලයෙන් වහාම ඉවත්වන්න ලෙස විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ජෝන් අමරතුංග මහතා ලිඛිත දැනුම් දී තිබිණ.
ඉන් පැය විසිහතරක් ගෙවී යාමට මත්තෙන් කරු ජයසුරිය මහතා තම නිල කාමරයෙන් ඉවත්විය.
ඒ අනුව, කරු ජයසුරිය මහතා තම දේශපාලන කටයුතු මෙහෙයවීම සදහා කොළඹ කිරුලපොන, කිරුලපොන පෙදෙසේ අංක 74 ස්ථානයේදී ඊයේ (13) කාර්යාලයක් විවෘත කරනු ලැබිය.
කරු ජයසුරිය මහතා අභිනව දේශපාලන කාර්යාලය විවෘත කරමින් ඊට ප්‍රවිෂ්ට වූ අවස්ථාව මෙහි දැක්වේ.
0 comments for "එජාපයේ “නියෝජ්‍ය නායක කාර්යාලය” මන්ත්‍රී විවේකාගාරයක්වේ"