අමලි නානායක්කාර එයාර්ටෙල් වලින් ඩයලොග්වලට මාරුවෙයි
එයාර්ටෙල් සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරී අමලි නානායක්කාර මහත්මිය ඩයලොග් ආසියාටා පීඑල්සී හි නව සමුහ ප‍්‍රධාන අලෙවි නිලධාරි ලෙස පත්වන බව ඩයලොග් ආයතනය ප‍්‍රකාශයට පත්කර ඇත. නානායක්කාර මහත්මිය 2012 පෙබරවාරි මාසයේ සිට එම ධූරයේ කටයුතු ආරම්භ කිරීමට නියමිතය.
කීර්තිමත් අලෙවිකරණ වෘත්තීයවේදිනියක් සහ ව්‍යාපාරික නියමුවරියක් වන අමලි නානායක්කාර, ශ‍්‍රී ලංකාවේ මෙන්ම ජාත්‍යන්තර වශයෙන්ද ජ්‍යෙෂ්ඨ කළමනාකරණ කටයුතු සදහා ලබා ඇති වසර 20කට වැඩි පළපුරුද්ද තුළින් ඩයලොග් සමූහයට අමිල අත්දැකීම් සමුදායක මෙහෙවර ලබාදෙන ඇති බව පැවසේ.
කොළඹ විශ්ව විද්‍යාලයේ ගෞරව උපාධිධාරිනියක් වන ඇය සිය වෘත්තීය ගමන් මග යුනිලීවර් ආයතනයෙන් ආරම්භ කළ අතර 2011 වසරේ ජූලි මාසයේදී ආහාර හා පෞද්ගලික සනීපාරක්සාව පිළිබද අධ්‍යක්ෂකත්වය සමගින් ආයතනික අධ්‍යක්ෂ මණ්ඩලය වෙත පත්වෙමින් එහිදී විවිධ නායකත්ව භුමිකාවන් රැසක කාර්යභාරය සාර්ථක ලෙස ඉටු කර ඇත.
යුනිලීවර් ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකත්වය වසර හයක් දරා සිටීමෙන් අනතුරුව ඇය භාරතී එයාර්ටෙල් ලංකා ආයතනයෙහි පළමු ප‍්‍රධාන විධායක නිලධාරිනිය සහ කළමනාකරණ අධ්‍යක්ෂ ධූරයට පත්වෙමින් විදුලි සන්දේශ ක්ෂේත‍්‍රය වෙත සංක‍්‍රමණය විය. විදුලි සංදේශ ක්ෂේත‍්‍රයෙහි රැදී සිටි වසර හතරක කාලය තුල ආරම්භයේ සිටම නිවැරදි මග පෙන්වීම තුලින් අමලි නානායක්කාර ශ‍්‍රී ලංකාවේ ජංගම දුරකථන සන්දේශ ව්‍යාපාරය තුළ සිය ආයතන නාමය ස්ථාපනය කරමින් තරගකාරී සන්නිවේදන ක්ෂේත‍්‍රය තුල නොමැකෙන සටහනක් තබා තිබේ.
ඩයලොග් ආසිආටා පීඑල්සී ආයතනයෙහි නව සමූහ ප‍්‍රධාන අලෙවි නිලධාරිනිය වශයෙන් නානායක්කාර මහත්මියගේ අලෙවිකරණ භූමිකාව ඩයලොග් සමූහයෙහි ජංගම දුරකථන, ස්ථාවර දුරකථන (CDMA), බ්‍රෝඞ්බෑන්ඞ් සහ ඩිජිටල් සැටලයිට් සේවාවන් යන සියලූ අංශයන් පුරා ව්‍යාප්ත වනු ඇත.
මෙම තනතුරේ මීට කලින් නුෂාඞ් පෙරේරා මහතා කටයුතු කළ අතර දැන් ඔහු ඩයලොග් මව් සමාගම වන ආසියාටා සමාගමේ සේවය කරයි.

0 comments for "අමලි නානායක්කාර එයාර්ටෙල් වලින් ඩයලොග්වලට මාරුවෙයි"