උසස් පෙළ ගැටලු කමිටුවේ වාර්තාව ජනපති අතට

පසුගියදා මහත් ආන්දෝලනයකට තුඩුදුන් උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල සම්බන්ධ ගැටළුව විමර්ශනය කිරීම සඳහා පත්කළ ජනාධිපතිවරයා විසින් පත්කළ විද්වත් කමිටුවේ අවසන් වාර්තාව ජනාධිපතිවරයා වෙත භාරදුන් බව ආරංචි මාර්ග පවසයි.
එම කමිටුවේ සභාපතිනි ධාරා විජේතිලක මහත්මිය ඇතුළු සාමාජිකයින් විසින් අද (11 බදාදා) සවස සිය අවසන් වාර්තාව ජනාධිපතිවරයාට පිළිගන්වා තිබේ.

මෙම ගැටලුව පැන නැගීමට හේතු මෙන්ම ඉදිරියේදී මෙවන් ගැටලු ඇතිවීම වැළැක්වීම සඳහා වන නිර්දේශයන්ද මෙම වාර්තාවට ඇතුළත් කළ බව එහි සභාපතිනී ධාරා විජේතිලක මහත්මිය පවසයි.

මෙම කමිටුව විසින් පසුගිය 08වැනිදා දහවල් 12.00 තෙක් උසස් පෙළ පැමිණිලි භාරගත් අතර ‍ඒ සම්බන්ධ පැමිණිලි 1200ක් පමණ ලැබුණු බව පැවසේ. ඉන් අනතුරුව දින 3ක් තුළ මෙම පැමිණිලි සියල්ලම මූලික විමර්ශනයකට ලක්කොට විභාග දෙපාර්තමේන්තුව වෙත යොමුකිරීමටත් අවසන් වාර්තාව නිකුත් කිරීමටත් මෙම කමිටුව සමත්වී තිබේ.

කෙසේවුවද එම වාර්තාව අධීක්ෂණය සඳහා ජනාධිපතිවරයාට කෙතරම් කාලයක් ගතවේද යන්න පිළිබඳව සහ ඉන් පසු එම වාර්තාව මාධ්‍ය වෙත නිකුත් කරන්නේද යන්න පිළිබඳව මෙතෙක් කිසිවක් වාර්තා වී නැත.

Posted by Ravaya on 11:08 PM. Filed under . You can follow any responses to this entry through the RSS 2.0. You can leave a response or trackback to this entry

0 comments for "උසස් පෙළ ගැටලු කමිටුවේ වාර්තාව ජනපති අතට"

Leave a reply